විවාහය කියන්නේ ගැළපෙන්නෙ නැති දෙදෙනෙක් එකතු කිරීමයි

මේ දිනවල රොකී ටෙලි නාට්‍යයෙන් ඔබේ ආලින්දයට එන ඔහු සචින් චතුරංග. ඔහු ගායකයෙක් මෙන්ම නිවේදකයෙක් ද වෙනවා. සංගීත කණ්ඩායමක් සමග එකතු වී කලා කටයුතු වලට සහභාගී වෙන ඔහු පාර දිගේ ටෙලි නාට්‍යයේ අභිගේ චරිතයෙන් ප්‍රේක්ෂකයන්ගේ ආදරේ දිනා ගත්තා. මේ කඩවසම් තරුණයා සමගයි මේ සුහද කතාබහ.


මේ දවස් වල මොකද වෙන්නේ

රොකී ටෙලි නාට්‍යයට සම්බන්ධ වී සිටිනවා. ඒ වගේම තවත් ටෙලි නාට්‍යයක රූගත කිරීම අවසන් වුණා. තවද අපේ සංගීත කණ්ඩායමේ වැඩ කටයුතු සහ තවත් අලුත් ගීතයක වැඩ කරමින් සිටිනවා.

කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද?

මම වේදිකාවෙන් කලා ක්ෂේත්‍රයට ආවේ. මගේ ගුරුවරයා තිස්ස ගුණවර්ධන මහතා. මගේ අයියා කලාවට සම්බන්ධ පුද්ගලයෙක්. ඔහුගේ රංගනයට සම්මාන ලැබී තිබෙනවා. ඔහු දසුන්. පාසල් කාලයේ සිටම රංගන ශිල්පියෙක් වීමට ආසාවක් තිබුණා. මට කුඩා කාලයේදීම කලාවට සම්බන්ධ වීමට අවස්ථාවක් ලැබෙනවා. 

සවින්ට රසිකාවියන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද

ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. කලාකරුවෙක් තමන්ගේ නිර්මාණයක් තුළින් තෘප්තියක් ලබනවා නම් ප්‍රේක්ෂකයන් නිසයි. රංගන ශිල්පියෙක් විදිහට ගෞරවය රසිකාවියන්ගෙන් ආදරය, ලැබෙනවා. මගේ රංගනය හොඳයි කියා සමහර අය සමාජ මාධ්‍ය හරහා මට පණිවිඩ එවනවා.

ආදරවන්තයෙක්ද?

ඔව්.

ඇයගෙන් ඔබගේ කලා කටයුතුවලට ලැඛෙන සහයෝගය කොහොමද

ගොඩාක් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඇය මගේ වෘත්තිය ගැන අවබෝධයකින් සිටින්නේ. ඉදිරියේදීත් ඇයගෙන් මේ ආකාරයටම සහයෝගය ලැබෙයි කියා සිතෙනවා.

විවාහය ගැන ඔබගේ අදහස කුමක්ද?

විවාහය කියන්නේ ගැළපෙන්නෙ නැති දෙදෙනෙක් එකතු කිරීමයි. විවාහය සමබරව තබාගෙන යන්න අපට අවබෝධයක් තිබෙන්න ඕනේ. එහෙම ගියොත් සාර්ථක පවුල් ජීවිතයක් ගතකරන්න පුළුවන්. හරි කෙනා ලැබුණොත් හොඳයි. වැරදි කෙනා ලැබුණත් හොඳයි. අපි දැනගන්න ඕනේ ජිවිතය ගළපගෙන ගෙනියන්න.

 

සටහන - ඉෂංකා ජයසූරිය 

 

I Will Always Love You ඩොලී පාර්ටන් Read Previous

I Will Always Love You ඩොලී පාර්ටන්

I Will Always Love You ඩොලී පාර්ටන් Read Next

I Will Always Love You ඩොලී පාර්ටන්

Realted Post

Leave a comment