’’ශ්‍රී ලංකාව සංවර්ධනය කරා යන ගමනට, තෛපොංගල් දිනය පාදක කරගනිමින් ගොඩනැගෙන ජාතිකත්ව හැඟීම මහත් පිටිවහලක්’’

අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි, 2026 ජාතික තෛපොංගල් සැමරුම් උත්සවයේ දී..

2026 ජාතික තෛපොංගල් සැමරුම් උත්සවය අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලිගහ මන්දිර පරිශ්‍රයේ දී අද (15) පෙරවරුවේ පැවැත්විණි.

හින්දු ආගමික චාරිත්‍රානුකූලව පැවති මෙම සැමරුම් උත්සවය සඳහා පූජනීය මහා සංඝරත්නය ඇතුළු සියලු ආගමික නායකයින් එක්ව සිටි අතර විවිධ සංස්කෘතිකාංග රැසකින් එය අලංකරවත් විය. 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ තෛපොංගල් දින පණිවුඩය බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා විසින් සභාවට ඉදිරිපත් කරන ලද අතර එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව සංවර්ධනයේ මාවතට පිවිස ඇති බව සහ ඒ සඳහා මෙවැනි සංස්කෘතික අනන්‍යතා සහිත සැමරුම් ඔස්සේ ගොඩනැගෙන ජාතිකත්ව හැඟීම මහත් පිටිවහලක් වන බවයි.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය උත්සවය අමතමින් ජාතික තෛපොංගල් සැමරුම මගින් ප්‍රකට වන කෘතගුණ සැලකීමේ ගුණය සහ එකමුතුකම වඩාත් වැදගත් බව පැවසීය.

විදෙස් රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයෝ ද , ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර්, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍යා ආරියරත්න,  වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප්, නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි සහ බස්නාහිර පාළාත් ආණ්ඩුකාර හනීෆ් යුසූෆ් ඇතුළු මහත්ම මහත්මීහු ද රාජ්‍ය නිලධාරීහු ද ඇතුළු විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය කාර්යාලය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හා හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව මෙම සැමරුම් උත්සවය සංවිධාන කෙරිණි.

රාජ්‍ය දෘශ්‍ය කලා උලෙළ - 2025 Read Previous

රාජ්‍ය දෘශ්‍ය කලා උලෙළ - 2025

උත්තරීතර නායකයාගේ මරණයට පළිගැනීමක් Read Next

උත්තරීතර නායකයාගේ මරණයට පළිගැනීමක්

Realted Post

Leave a comment