ආදරයට ආදරය බෙදන්න
ආදරේ කියන්නේ ලෝකයේ තියෙන උතුම්ම නිර්වචනයි.

තව කෙනෙකු වෙනුවෙන් ලබාදිය හැකි මිල කළ නොහැකි වටිනාම දෙය තමයි ආදරයට ආදරය ලබාදීම කියලා කියන්නේ.
මනෝවිද්‍යාවේදී ආදරය කියලා කියන්නේ මනස, හැඟීම් ,හැසිරීම් සමග එකිනෙකට සම්බන්ධ වුණු විද්‍යාත්මක ක්‍රියාවලියක ප්‍රතිඵලයක්.
ආදරය බෙදා දීමේදී ප්‍රධාන සාධකය වන්නේ විශ්වාසවන්ත බව ගොඩනංවා ගැනීමයි. විශේෂයෙන්ම තමන් ආදරය කරන කෙනාගේ හදවත විශ්වාසයෙන් අවංකව පුරවන්න පුළුවන්නම් එතන තමයි සැබෑ ආදරයක් තව කෙනෙකු වෙනුවෙන් තිළිණ කරන්න පුළුවන් වෙන්නේ.
හදවතට හදවතක් යා කරන පාලමක් ලෙස ආදරය හඳුනාගන්න පුළුවන්. ජීවිතයේ ජීවත් කරවන අලුත් කරවන බලාපොරොත්තු නව පනගන්වන ජීවනාලිය තමයි ආදරය කියලා කියන්නේ. එකිනෙකාගේ හැඟීම් හඳුනාගෙන බැඳීම් ශක්තිමත් කරවමින් එකිනෙකා ළංකර ආදරය බෙදාගත හැකි ක්‍රම බොහෝ තිබෙනවා.
එතනදි රස කෑමක් උයලා රස බලලා ඒ ගැන අගය කරද්දි ගෙදර වැඩකට උදව් කරලා ඒ ගැන ස්තුති කරද්දි තව කෙනෙකු කරන වැරැද්දක් පෙන්නලා ඒ වැරැද්ද හරිගස්සලා වීමෙන් තව කෙනෙකු ට සතුටක් සැනසීමක් ලබාදීමෙන් ඕනෑම දෙයකින් අපිට කෙනෙකුට ආදරේ බෙදා දෙන්න පුළුවන් . ආදරය බෙදද්දී අපි නොසිතන ලෙස අපි නිරෝගී වෙලා ජීවිතය ලස්සන වෙනවා.
එකිනෙකාගේ හැඟීම් හඳුනාගෙන ආදරය බෙදාගන්න පුළුවන් නම් මේ ලෝකයේ අමරණීය තැනක් වෙනවා.
මුලින්ම ඔබටම ඔබ ආදරේ කරන්න පුරුදු වෙන්න. ජීවිතය යම් කඩා වැටීමක් ඔබට දොස් පවරා නොගන්න ආත්ම විශ්වාසයෙන් ඔබ කෙරෙහි තිබෙන ආදරයෙන් එය දෙස බලා නැවත නැගිටින්න උත්සාහ ගන්න ආදරයට ආදරය ලබාදීමෙන් ජීවිතය දිනීමේ රහස ඔබටත් හිතාගැනීමට නොහැකි වෙනවා. ඒ නිසා මුලින් ඔබ ඔබටම ආදරය කරලා බලන්න.
අපි බොහෝ වෙලාවට කාර්යබහුල ජීවිතයක් තමයි ගත කරන්නේ. සමහර දිනවලට නිවසට ඇවිල්ලත් රාජකාරී වැඩක් වෙන්න පුළුවන්, දරුවන්ගේ වැඩ වෙන්න පුළුවන් ,ඔබේ පුද්ගලික වැඩක් වෙන්න පුළුවන්, ගෙදර වැඩක් වෙන්න පුළුවන් මේ වගේ වැඩ දාහක් අතර ඔබ තනිවෙලා කාර්යබහුල වෙන්න පුළුවන්.
එහෙම වෙලාවට සැමියාට හෝ පුතාට දුවට ගිහින් කියන්න පුළුවන් නම් මම අම්මට තේකක් හදලා දෙන්නද, නැත්නම් සැමියාට කියන්න පුළුවන් මම පොල් ටික ගාලා දෙන්න ද ඒ වගේ ඇයට උදව්වක් නොදුන්නත් එවැනි වචන ඇයට ඇගේ මහන්සිය නිවා ගන්න මනසට සුවයක් වෙන්න පුළුවන්.
සන්නිවේදනය ක්‍රමයන් හොඳින් පවත්වා ගැනීමෙන් ආදරය බෙදා ගන්න හොඳ පාලමක් වෙනවා. හැම වෙලාවෙම මම ඔයාට ආදරෙයි යන වචනය කටින් කියන්නම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක අපිට වෙන විදිහකට පෙන්වන්නත් පුළුවන්.
සමහර වෙලාවට එයාව සිප වැලඳ ගැනීමෙන්, ආදරණීයව ඇස්වලින් කතා කිරීමෙන්, සුහද සීනාවකින් , හිස අත ගෑමකින් වැනි පුංචි සෙනෙහෙවන්ත ක්‍රියාවකින් එයාට I Love You කියනවට වඩා ක්‍රියාවකින් සිතේ හැඟුමන් බොහෝ ලෙස පෙන්වන්න ආදරයේ බෙදාගන්න පුළුවන් වෙනවා.
එකිනෙකා හඳුනාගෙන ආදරේට ආදරේ බෙදද්දි මානුෂීය හඳුනාගැනීම්, වැරදි වැටහීම් , දුර්වලකම් සෘණාත්මක සිතුවිලි පහවී, ධනාත්මක සිතුවිලි ඇතිවී, මානසික සුවයක් ළං වෙනවා වගේම එලෙස ආදරණීය පරිසරයක හැදෙන දරුවා පවා හොඳ පෞර්ෂයකින්, ආදරණීය දරුවන් බවට පත්වෙන මානසික හැඟුම් සහිත ලෝකය දකින්ට පුරුදු වෙන දවසක් බවට පත් කරනවා.
එයින් තව තවත් මිහිතලය සුන්දර ආදරණීය තෝතැන්නක් බවට පත් කරනවා.
ආදරය කියන දේ ආදරණීය දිනකට විතරක් සීමා නොකර එකිනෙකට හැමදාම අවංකව ආදරය බෙදාගන්න පුළුවන්නම් සතුටින් ජීවත් වීමේ කලාව රස විඳින්න පුළුවන්.
අයිතියක් කියාගන්න බැරි කෙනෙකුට ආදරේ කරනවා කියන්නේ ඇත්තටම ඒ ආදරය හදවත පතුලේම නිදන්ගත වෙලා කවදාවත් මැකෙන්නේ නැහැ එයයි ආදරේ වටිනාකම වෙන්නේ.
සටහන
මහේෂානි මීගහපොල
අදහස් දැක්වීම
ප්‍රවීණ මනෝ උපදේශිකා
දිල්හානි කරුණාතිලක

Leave a comment