අලුත් අවුරුදු නැකත් සිටිටුව 2026

නව සඳ බැලීම

අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු මස 20 වන සිකුරාදා දින ද අභිනව සූර්ය වර්ෂය සඳහා අප්‍රේල් මස 19 වන ඉර්දා දින ද, නව සඳ බැලීම මැනවි.

තෙල්වලං ලිප තැබීම

අප්‍රේල් මස 05 වන ඉරිදා දින පූර්වභාග 11.08 ට රතු සහ කහ මිශ්‍ර හෝ තඹවන් පැහැයෙන් යුත් වස්ත්‍රයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා තෙල්වලං ලිප තබා අවුරුදු කැවිලි වර්ග පිස ගැනීම මැනවී.

පරණ අවුරුද්ද සඳහා ස්නානය

අප්‍රේල් මස 13 වන සඳුදා දින දිවුල්පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 14 වන අඟහරුවාදා දින පූර්වභාග 09.32 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 14 වන අඟහරුවාදා පූර්වභාග 03.08 සිට එම දා අපරභාග 03.56 දක්වා පුණ්‍ය කාලය බැවින් ඊට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්, ආධ්‍යාත්මික කටයුතු, දානමය පුණ්‍ය ක්‍රියා සහ පුණ්‍යකාල චාරිත්‍රයන් හි නිරත වීමත් ආහාර පිසීම, අනුභවය. වැඩ ඇල්ලීම හා ගණුදෙනු කිරීම ආදී නැකැත් චාර්තු විධි පහත පරිදි ඉටුකිරීමත් මැනවි.

ආහාර පිසීම (ලිප ගිනි දැල්වීම)

අප්‍රේල් මස 14 වන අඟහරුවාදා පූර්වභාග 10.51 ට රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා කිරි බතක් ද කැවිලි වර්ගයක් ද දී කිරි සහ විළඳ ද පිළියෙල කරගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම හා ආහාර අනුභවය

අප්‍රේල් මස 14 වන අඟහරුවාදා අපරභාග 12.06 ට රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම මැනවි.

හිසතෙල් ගෑම

අප්‍රේල් මස 15 වන බදාදා පූර්වභාග 6.55ට පච්ච වර්ණ හෙවත් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹපත් ද පයට කොළොත් පත් ද තබා කොහොඹ පත් යුෂ මිශ්‍ර තනු හා තෙල් ගා ස්නානය කිරීම මැනවි.

රැකී රක්ෂා සඳහා පිටත්ව යෑම

අප්‍රේල් මස 20 වන සදුදා පූර්වභාග 06.27 ට ස්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී කිරි බතක් ද එලකිරි මිශ්‍ර කැවිලි වර්ගයක් ද අනුභව කර දකුණු දිශාව බලා හෝ. අප්‍රේල් මස 20 වන සඳුදා පූර්වභාග 06.50 ට මුතු හා ස්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී ගිතෙල් හා තල මිශ්‍ර කිරි බතක් ද දීකිරි සහ අග්ගලා සමඟ කැවිලි වර්ගයක් ද අනුභව කර නැගෙනහිර දිශාව බලා පිටත්ව යෑම මැනවි.

දරුවාගේ සහජ කුසලතා වර්ධනයට ගර්භනී කාලයේදී මව ලබාගත යුතු ආහාර වර්ග Read Previous

දරුවාගේ සහජ කුසලතා වර්ධනයට ගර්භනී කාලයේදී මව ලබාගත යුතු ආහාර වර්ග

බබාගේ කැස්ස සති ගණනක් පවතින්නේ ඇයි? Read Next

බබාගේ කැස්ස සති ගණනක් පවතින්නේ ඇයි?

Realted Post

Leave a comment