දිරි අභිමන් 2026

කාන්තා හා තරුණ ප්‍රජාවගේ ව්‍යවසායකත්ව හැකියාවන් වර්ධනය කරමින්, ඔවුන්ගේ නිර්මාණශීලීත්වයට හා දක්ෂතාවන්ට වෙළෙඳපොළ අවස්ථා උදාකරදීමේ අරමුණින් සංවිධානය කළ ‘දිරි අභිමන් 2026’ පුහුණුලාභීන්ගේ නිර්ණමාතලේට  එළිදැක්වීම හා අලෙවි ප්‍රදර්ශනය පපසුගිය දා  උකුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීයනව රැස්වීම් ශාලාවේදී පැවැත්විණි.

මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ තරුණ කටයුතු අංශය, වනිතා ඒකකය සහ ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබිණි.

ඒ යටතේ පැවැත්වූ බේකරි ආශ්‍රිත නිෂ්පාදන පුහුණු වැඩසටහන, උසස් කේක් නිර්මාණ පුහුණු වැඩසටහන සහ එම්බ්‍රොයිඩර් නිෂ්පාදන පුහුණු වැඩසටහන සාර්ථකව හදාරන ලද පුහුණුලාභීන්ගේ නිර්මාණ හා නිෂ්පාදන මෙහිදී ප්‍රදර්ශනය කර අලෙවි කිරීම සිදු කෙරිණි.

පුහුණුව තුළින් ලබාගත් දැනුම හා ප්‍රායෝගික කුසලතා යොදාගනිමින් නිෂ්පාදනය කළ භාණ්ඩ හා නිර්මාණ වෙළෙඳපොළට හඳුන්වාදීම මෙහි විශේෂත්වයක් වූ අතර, එමඟින් පුහුණුලාභීන්ට සිය නිෂ්පාදන අලෙවි කිරීමේ අවස්ථාවක් ද හිමි විය.

උකුවෙල ප්‍රාදේශීය ලේකම් පාරමි තෙන්නකෝන් මහතාගේ මූලිකත්වයෙන් හා මාර්ගෝපදේශනය යටතේ වනිතා කටයුතු හා තරුණ සේවා අංශයේ සම්බන්ධීකරණයෙන් සහ ග්‍රාම සංවර්ධන අංශයේ සහයෝගයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබිණි.

  • මාතලේ මහේෂ් කිර්තිරත්න 

 

දිරි අභිමන් 2026 Read Previous

දිරි අභිමන් 2026

Arpico එළඹන උත්සව සමයට සූදානම් Read Next

Arpico එළඹන උත්සව සමයට සූදානම්

Realted Post

Leave a comment