අන්තර් දෙපාර්තමේන්තුට සුවිශේෂී ජයග්‍රහණයක්

2025/2026 ජාතික ඵලදායිතා සම්මාන තරගාවලියේ රාජ්‍ය අංශයේ අන්තර් දෙපාර්තමේන්තු කාණ්ඩය යටතේ ජාතික මට්ටමේ තෙවන ස්ථානය හිමිකර ගැනීමට මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සමත්ව තිබේ.

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කරන ලද මෙම තරගාවලියේ සම්මාන ප්‍රදානෝත්සවය  කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ඇතුළු දේශපාලන නියෝජිතයෝ රැසක් එක්ව සිටියහ.

එමෙන්ම අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය, ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සුරංග ගුණරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ සම්මානලාභීහු රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

දිස්ත්‍රික්කයේ ප්‍රමුඛතම රාජ්‍ය ආයතනයක් ලෙස මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මහජනතාව වෙත වඩාත් කාර්යක්ෂම, ඵලදායී හා වගකීම්සහගත රාජ්‍ය සේවාවක් ලබාදීම වෙනුවෙන් සිදුකරන කැපවීම, සාමූහික උත්සාහය සහ සේවා අභිමානය මෙම ජයග්‍රහණය තුළින් ජාතික මට්ටමින් ඇගයීමට ලක්ව තිබේ.

මෙම සම්මානය මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සමස්ත කාර්ය මණ්ඩලයේ කැපවීම සහ කණ්ඩායම් හැඟීම පිළිබිඹු කරන සුවිශේෂී ජයග්‍රහණයක්

මාතලේ මහේෂ් කිර්තිරත්න 

රාජ්‍ය අංශයේ අන්තර් දෙපාර්තමේන්තු කාණ්ඩය යටතේ සුවිශේෂී ජයග්‍රහණයක් Read Previous

රාජ්‍ය අංශයේ අන්තර් දෙපාර්තමේන්තු කාණ්ඩය යටතේ සුවිශේෂී ජයග්‍රහණයක්

ලියෝ පාප්තුමා ලතින් ඇමෙරිකා සංචාරයක් අරඹයි Read Next

ලියෝ පාප්තුමා ලතින් ඇමෙරිකා සංචාරයක් අරඹයි

Realted Post

Leave a comment