කඳු මුදුන් අතරින් මතුවන රන්වන් හිරු උදාව විඳින්න

මාතලේ රිවස්ටන් කඳුකරයේ පිටවල සුන්දර ගම්මානයේ පිහිටි "FIRST LIGHT, RIVERSTON" Boutique Hotel ඔබේ මීළඟ නිවාඩුව ගත කිරීමට කදිම තෝරාගැනීමකි. 

නෙතට සොඳුරු දසුන් මවන හරිත කඳු පන්ති, මීදුමෙන් වැසුණු කඳු මුදුන් සහ ඈතට විහිදෙන මනරම් නිම්න අතර පිහිටි මෙම නවාතැන, එදිනෙදා ජීවිතයේ කාර්යබහුලත්වයෙන් මොහොතකට මිදී නිදහසේ කාලය ගත කිරීමට ඔබට ආරාධනා කරයි.

"First Light" යන නාමයටම ගැළපෙන අයුරින්, රිවස්ටන් කඳුකරයේ අසිරිමත් හිරු උදාව අත්විඳිමින් ඔබේ දවස ආරම්භ කරගැනීමට මෙහිදී අවස්ථාව සැලසේ. 

 සුඛෝපභෝගී නවාතැන් පහසුකම් මනරම් කඳුකර දර්ශන සහිත පරිසරය සිසිල් කඳුකරයේ පිහිනුම් තටාකයක අත්දැකීම රසවත් දේශීය හා විදේශීය ආහාර පාන යෝගා සහ භාවනා සඳහා නිස්කලංක පරිසරය පවුලේ අය සහ මිතුරන් සමඟ විනෝදයෙන් කාලය ගත කිරීමට අවස්ථා

ආදරවන්තයන්ට... පවුලේ නිවාඩුවකට... මිතුරන් සමඟ විනෝද චාරිකාවකට... සිතට නිදහසක් සොයන ඔබට... ඔබේ නිවාඩුව සුන්දර මතක රැසකින් පුරවාගැනීමට "First Light, Riverston" කදිම පසුබිමක් සපයයි.

මාතලේ දිස්ත්‍රික්කයේ දක්ෂ තරුණ ව්‍යවසායකයෙකු වන උදය කෝට්ටේගොඩ මහතාගේ හිමිකාරීත්වයෙන් යුත් මෙම සංචාරක නවාතැන, රිවස්ටන් සංචාරක කලාපයේ ආකර්ෂණය තවදුරටත් ඉහළ නැංවීමට දායක වන නවමු සංචාරක අත්දැකීමකි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරියකට ඇමෙරිකා එක්සත් ජනපදයේ සුවිශේෂී අගැයීමක් Read Previous

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරියකට ඇමෙරිකා එක්සත් ජනපදයේ සුවිශේෂී අගැයීමක්

පළාත් 07ක ඩෙංගු ඉහළට Read Next

පළාත් 07ක ඩෙංගු ඉහළට

Realted Post

Leave a comment