සත්ව හිංසනයට එරෙහිව ඇමරිකානු රජයෙන් දැවැන්ත මෙහෙයුමක්!

සත්ව සුභසාධනය සම්බන්ධයෙන් ඉතිහාසගත පියවරක් තබමින්, ඇමරිකානු රජය විසින් සත්ව හිංසනය මර්දනය කිරීම සඳහා බහු-ආයතනික "විශේෂ කාර්ය සාධක බලකායක්" (Strike Force) පිහිටුවා ඇත.

මෙම සම්බන්ධීකරණ මෙහෙයුම සඳහා අධිකරණ දෙපාර්තමේන්තුව (DOJ), කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (USDA) සහ සෞඛ්‍ය හා මානුෂීය සේවා දෙපාර්තමේන්තුව (HHS) ඒකාබද්ධව කටයුතු කරයි. මෙහි මූලික අරමුණු වන්නේ බල්ලන් අතර ගැටුම් (Dogfighting ) වැනි නීතිවිරෝධී තරඟ වටලා විනාශ කිරීම. එසේම අනිසි ලෙස පවත්වාගෙන යන බලු පැටවුන් අභිජනන මධ්‍යස්ථාන (Puppy Mills) සහ සතුන්ට වධ දෙන අභිජනන මධ්‍යස්ථාන වැටලීම. ඊට අමතරව හානිකර සත්ව පරීක්ෂණ සීමා කිරීම සහ විද්‍යාත්මක පර්යේෂණ සඳහා විකල්ප ක්‍රම හඳුන්වා දීම.

නිතීපති පැම් බොන්ඩි (Pam Bondi) ප්‍රකාශ කළේ, සත්ව හිංසනය පිළිබඳ නඩු මෙහෙයවීම සඳහා සෑම ප්‍රාන්තයකටම විශේෂිත ෆෙඩරල් අභිචෝදකයන් (Prosecutors) පත් කරන බවයි. මීට අමතරව, සත්ව අපරාධ නිවැරදිව විමර්ශනය කිරීම සඳහා නීතිය බලාත්මක කරන නිලධාරීන්ට නව පුහුණුවක් ද ලබා දීමට නියමිතය.

සත්ව හිංසනය වැළැක්වීමේ තවත් වැදගත් පියවරක් ලෙස, සත්ව පරීක්ෂණ වෙනුවට කෘතිම බුද්ධිය (AI) සහ පරිගණක ආකෘති (Computational models) භාවිතය ප්‍රවර්ධනය කිරීමට රජය තීරණය කර ඇත. එසේම, පර්යේෂණ සඳහා යොදාගත් ප්‍රයිමේටාවන්(රිලවුන්,වඳුරන් වැනි සතුන්) (Primates) වැනි සතුන් පර්යේෂණ අවසානයේ මරා දැමීම වෙනුවට, ඔවුන් සත්ව අභයභූමි (Sanctuaries) වෙත යොමු කිරීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක වේ.

මෙම වැඩපිළිවෙළ මගින් සතුන් කෙරෙහි දක්වන කෲරත්වය අවසන් කර, සත්ව අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා නව බලාපොරොත්තුවක් ඇති කර තිබේ.

විමර්ශන යළි ඇරඹෙන ධර්ම යුද්ධය 3 Read Previous

විමර්ශන යළි ඇරඹෙන ධර්ම යුද්ධය 3

විදේශ අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 සම්මානය Read Next

විදේශ අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 සම්මානය

Realted Post

Leave a comment