සැබෑ මව් සෙනෙහස ඉදිරියේ පරාජය වූ මැලිෆිසන්ට්ගේ බියකරු පෙනුම

ඩිස්නි ආයතනය විසින් 2014 වසරේදී තිරගත කළ 'මැලිෆිසන්ට්' (Maleficent) චිත්‍රපටයේ දුෂ්ට චරිතයට පණ පෙවූ ඇන්ජලීනා ජොලීගේ බියජනක වේශ නිරූපණය සහ දැවැන්ත අං යුගලය නිසා රූගත කිරීම් අතරතුරදී බොහෝ කුඩා දරුවන් ඇයව දැක බියෙන් කෑගසා පලා ගිය අතර, ඇයගේම පුත් පැක්ස් පවා මව අලුත් මුහුණුවරින් දුටු විට බිය වී හැඬූ බව වාර්තා වේ.

කෙසේ වෙතත්, චිත්‍රපටයේ කුඩා කුමරියගේ චරිතය සඳහා බිය නොවී මැලිෆිසන්ට් වෙත ළඟා විය හැකි දරුවෙකු අවශ්‍ය වූ බැවින්, එම අභියෝගය ජයගත හැකි වූයේ ඇයගේම පස් හැවිරිදි දියණිය වූ විවියන් (Vivienne) හට පමණි.

මවගේ එම බිහිසුණු වේශයට කිසිදු බියක් නොදැක් වූ විවියන්, රූගත කිරීම් අතරතුරදී කිසිදු පැකිලීමකින් තොරව ඇය වෙත ගොස් අං ස්පර්ශ කරමින් "Up, up" යැයි පවසමින් සෙල්ලම් කළ අයුරු දැකගත හැකි විය. දරුවන් රඟපෑමට යොමු කිරීමේ කිසිදු අදහසක් නොතිබුණ ද, සෙට් එකේ සිටි එකම සහ එකම නිවැරදි තේරීම ඇය වූ බැවින් විවියන්ට එම අවස්ථාව හිමි වූ බව ජොලී පසුව පවසා තිබේ.
 

සටහන - කසුනි විජේසිංහ 

 

සරලකම තුළ සැඟවුණු සුන්දරත්වය Read Previous

සරලකම තුළ සැඟවුණු සුන්දරත්වය

ඇයට 26යි, ඔහුට 89යි. ලොවම කැලඹූ කෝටිපතියාගේ විවාහය Read Next

ඇයට 26යි, ඔහුට 89යි. ලොවම කැලඹූ කෝටිපතියාගේ විවාහය

Realted Post

Leave a comment