SLT-MOBITEL සම්මාන රැසකින් පිදුම් ලබයි

පසුගියදා පැවැත්වුණු 2026 ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙලේදී [National ICT Awards (NBQSA) 2026] නව්‍ය නිෂ්පාදන 8 ක් වෙනුවෙන් සම්මාන හිමිකරගැනීමට SLT-MOBITEL සමත් විය. විවිධ ක්ෂේත්‍රවල ඩිජිටල් තාක්ෂණික හැකියාවන් තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් SLT-MOBITEL විසින් මෙම නිෂ්පාදන හඳුන්වා දෙන ලදි. සැබෑ ලෝකයේ පවතින අභියෝගවලට විසඳුම් සපයන අතරම සේවා සම්පාදනය වැඩිදියුණු කරමින් ව්‍යාපාර ක්ෂේත්‍රයට ප්‍රතිලාභ අත්කර දීම සඳහා SLT-MOBITEL දක්වන උනන්දුව හා කැපවීම මෙමඟින් මැනැවින් පිළිබිඹු වේ.

සයිබර් ආරක්ෂාව, සන්නිවේදනය, සෞඛ්‍ය සේවා, වෘත්තීය සේවා සහ ඩිජිටල් යෙදුම් ඇතුළු විවිධ ක්ෂේත්‍ර ඉලක්ක කරගෙන SLT-MOBITEL විසින් හඳුන්වා දෙන ලද නිෂ්පාදන මෙම සම්මාන උළෙලේදී ඇගයීමට ලක් විය. මෙය SLT-MOBITEL හි නවෝත්පාදන හැකියාවන්ට මෙන්ම, විවිධ ක්ෂේත්‍රවල වෙනස් වන තාක්ෂණික අවශ්‍යතාවන්ට ඵලදායී ලෙස ප්‍රතිචාර දැක්වීම සඳහා සමාගම දක්වන උනන්දුවටද මනා සාක්ෂියකි.

සම්මානයට පාත්‍ර වූ නිෂ්පාදන අතරින් SASE 361 සඳහා ‘Business Services’ කාණ්ඩයේ ‘Security Solutions’ යටතේ රන් සම්මානය හිමි වූ අතර, VoiceX සඳහා ‘Industrial’ කාණ්ඩයේ ‘ICT Networks & Communications’ යටතේ රන් සම්මානය හිමි විය. ඩිජිටල් තාක්ෂණය පුළුල් ලෙස භාවිතා කරන සමාගම් හා ආයතන සඳහා වැදගත් වන උසස් ආරක්ෂක හා සන්නිවේදන තාක්ෂණයන් හඳුන්වා දීම සඳහා SLT-MOBITEL සතු හැකියාව මෙම නිෂ්පාදන දෙක මඟින් පිළිබිඹු වේ.

එමෙන්ම Digital Queue Management System සඳහා මෙම සම්මාන උළෙලේදී ‘In-House (ICT Company)’ කාණ්ඩය යටතේ රිදී සම්මානයක් හිමි විය. මෙය ආයතනික ක්‍රියාවලි වඩාත් කාර්යක්ෂම කිරීමට සහ සේවා අත්දැකීම් වැඩිදියුණු කිරීමට ඩිජිටල් නවෝත්පාදන සාර්ථක ලෙස භාවිතා කළ හැකි ආකාරය විදහා දක්වන නවෝත්පාදනයකි.

මීට අමතරව Suwatha සඳහා ‘Inclusions and Community Services’ කාණ්ඩය යටතේ ‘Health and Well-being’ සම්මානයකුත්, Legal Digital Management Platform සඳහා ‘Business Services’ කාණ්ඩයේ ‘Professional Services Solutions’ අංශය යටතේ සම්මානයකුත්, SecureGate VMS සහ Blitz.ai සඳහා ‘In-House (ICT Company)’ කාණ්ඩය යටතේ සම්මාන දෙකකුත්, Akaza ChatX සඳහා ‘Business Services’ කාණ්ඩයේ ‘ICT Services Solutions’ සම්මානයකුත් හිමි විය.

Boutique හෝටල් සමූහයේ කේක් මිශ්‍රණය Read Previous

Boutique හෝටල් සමූහයේ කේක් මිශ්‍රණය

බවර් සමූහයට Great Place to Work සහතිකය Read Next

බවර් සමූහයට Great Place to Work සහතිකය

Realted Post

Leave a comment