සබන් හදා රටට බෙදන ගමක්

ඌව මානව සම්පත් සංවර්ධන කේන්ද්‍රය යනු තම ව්‍යාපාරය සාර්ථකත්වයට ගෙන ඒමට උත්සහ දරන ව්‍යවසායකයන් සොයා ගන ගමනකදී බදුල්ල දිස්ත්‍රික්කයෙන් අපට හමු වූ ආයතනයක්. 

ඌව මානව සම්පත් කේන්ද්‍රය යන නාමය මෙම ආයතනයට ලබා දී තිබෙනුයේ මෙම සංවර්ධන ව්‍යාපෘතිය ඌව පළාත පුරාවටම ව්‍යාප්තකිරීමත් ඉදිරියට අඛණ්ඩව පවත්වාගෙන යාමත් අරමුණු කොටගෙනය.

එහිදී බදුල්ල රිදීපාන ගම්මානයේ ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල් ඒකකයන්ගේ ආර්ථික මට්ටම ස්ථාවර කිරීමට මෙන්ම සුරක්ෂිත කිරීමට අවශ්‍ය නිර්මාණාත්මක ස්වයං රැකියා හඳුන්වා දීම, නව වගා ප්‍රවණතා සඳහා සේවා සැපයීම සහ කාබනික පොහොර අලෙවි කිරීමට ගම්වාසීන්ට වෙළෙඳ පොළක් නිර්මාණය කිරීම හා අවස්ථා කළමනා කරණය කරමින් නව ව්‍යවසායකයන්ට උපරිම ප්‍රතිලාභ අත්පත් කරදීම මානව සම්පත් සංවර්ධන කේන්ද්‍රය මගින් ලබාදෙන ප්‍රධාන සේවා පද්ධතියයි.

කේන්ද්‍රයේ මූලිකත්වය හොබවන්නේ අමිල සදුන් ශ්‍රීනාත් රත්නායක ය. ග්‍රාමීය ජනතාවගේ අවශ්‍යතා මූලික කර ගනිමින් ප්‍රායෝගික විසඳුම් ලබා දෙමින් ඔවුන්ගේ ආර්ථික මට්ටම ඉහළ නැංවීමට විධිමත් ක්‍රමෝපායන් සෙවීමට ඔවුන් කටයුතු කරයි.

ඒ අනුව අඩු ආදායම්ලාභී පවුල් සියයක් ලැයිස්තු ගත කරමින් නිෂ්පාදනයට පහසු, අලෙවි කිරීමට පහසු, ඉක්මනින්ම ක්ෂය වී නැවත නැවත නිෂ්පාදනය කිරීමට හැකි, නැවත නැවත භාවිතයට අවශ්‍ය වන සැම කාලයකම ලාභයක් ඉපැයිය හැකි සබන් වර්ගයක්' නිෂ්පාදනය කිරීමට ඔවුන් කටයුතු කර තිබේ. බර ග්‍රෑම් 159 ක් වන මෙය රෙදි සෝදන සබන් කැටයකි. 2017 වසරේ සිට අද දක්වා එම සබන් කැටය නිෂ්පාදනය කරමින් වෙළෙඳපොළක් ද නිර්මාණය කරගත් ගැමියෝ සාර්ථකව තම ජීවන වෘත්තීය ලෙස මෙම ආයතනය සමග අත්වැල් බැඳගෙන සිටින ආකාරය හඳුනාගත හැකිය.

ඒ අනුව එක පවුලකට අච්චු සියයක් ආයතනය විසින් සපයනු ලැබිණි. ඕනෑම ව්‍යාපාරයක් මුල් මාස කිහිපය තුළ දී පවත්වා ගෙන එමෙන්ම සබත් කැට ලේ බලය ආයතනය මගින් මුද්‍රණය කොට ගැමියන්ට ලබා දෙනු ලබනවා. 

මෙම තත්ත්වය මානව සම්පත් සංවර්ධන ආයතනය මගින් රිදීපාන ගම්මානයට ලබාදෙන ප්‍රධානතම සංවර්ධන දායකත්වයයි.

තරුෂි නෙත්මිණි

රසට ගුණට කන්න ආස ඔයාට Read Previous

රසට ගුණට කන්න ආස ඔයාට

සබන් හදා රටට බෙදන ගමක් Read Next

සබන් හදා රටට බෙදන ගමක්

Realted Post

Leave a comment