ස්මාට් විදියට බිසී වෙන්න
වර්තමානය තුළ අපට දකින්නට ලැබෙන්නේ ඉතාම කාර්යය බහුල සමාජයක්. නමුත් බොහෝ වෙලාවට කාර්යය බහුලත්වය තුළ ඵලදායීතාවය අඩුයි. මෙයට හේතුව වන්නේ කාර්ය බහුලත්වය තුළ ඔබ ස්මාට් නොවීමයි.
ඵලදායී වැඩ පරිසරයක් ඔබ වටා ගොඩනගා ගැනීමට නම් කාර්යාලය තුළ ඔබගේ කාර්යයන් සිදු කරන පිළිවෙල පිළිබඳව බොහෝ සෙයින් අවධානය යොමු කළ යුතුයි. කාර්යාලය තුළ සියළුම දේ තනිව කිරීම සාර්ථක පුද්ගලයෙකුගේ ලක්ෂණයක් නොවේ. ඔබට පැවරී ඇති රාජකාරී නියමිත වේලාවට ඉටු කර දීම මෙහිදී ඉතා වැදගත්වේ. ඒ තුළ ඔබ විසින් සිදු කරනු ලැබූ කාර්යයේ කොතරම් ඵලදායීතාවක් තිබේද යන්න සොයා බැලීමද කළ යුතුමය.
ඔබට නියමිත රාජකාරී ස්මාට් ලෙස සිදු කිරීමට අවශ්‍ය කාරණා කිහිපයක් පිළිබඳව අවධානය යොමු කරමු.
- ඔබට පැවරී ඇති වැදගත්ම කාර්යය හඳුනාගැනීම.
- බහුවිධ කාර්යයන් නොකිරීම
- Pomodoro ක්‍රමවේදය අනුගමනය කිරීම
රාජකාරී ස්ථානයේ කාලය කළමනාකරණය කරගනිමින් වැඩ රාජකාරී සිදු කිරීමට භාවිත කළ හැකි ඉතා වැදගත් ක්‍රමවේදයක් ලෙස මෙය හැඳින්විය හැකියි. මෙහිදී මුලින්ම විනාඩි 25ක කාලයක් ඇතුළත් වන ලෙස එලාම් එක තබාගන්න. එම විනාඩි 25 කාලය තුළ ඔබ විසින් සිදු කරන රාජකාරිය වෙත පමණක් අවධානය යොමු කරමින් එහි නිරත වන්න. විනාඩි විසි පහකින් එලාම් එක නාද වූ පසු විනාඩි 2-3ක විවේකයක් ලබා ගන්න.
මෙය නැවත නැවත සිදු කරන්න. ඉන් අනතුරුව විනාඩි 25 කොටස් හතරක් සිදු කළ පසු විනාඩි 20-30ක පමණ දිගු විවේකයක් ගන්න. මෙම දිගු විවේක කාලයද ඔබගේ රැකියා ස්ථානයේ වැඩකටයුත්තක් සඳහා යෙදවිය හැකියි. සේවා ස්ථානයේදී ඔබට අවශ්‍ය වන ෆොටෝ කොපියක් ගැනීමට යාම, ඔබ සේවා ස්ථානයේ ප්‍රධානියා නම් ඔබ යටතේ සිටින සේවකයන්ගේ වැඩ රාජකාරි අධීක්ෂණය කිරීමට යාම කළ හැකියි. එනම් ඔබ නිරතව සිටි කාර්යයෙන් ඉවත්ව වෙනස් වැඩක් සිදු කිරීම මෙහිදී වැදගත් වේ.
- තාක්ෂණය භාවිත කිරීම
දියුණු තාක්ෂණය ඔබගේ රාජකාරී ස්ථානය සඳහාද භාවිත කළ හැකි වේ. එයින් අඩු කාලයකින් වැඩි වැඩ ප්‍රමාණයක් සිදු කළ හැකියි. ඔබගේ ඊමේල් ගිණුමට දිනකට බොහෝ ඊමේල් ප්‍රමාණයක් ලැබෙනවා ඇති. ඔබට එලෙස පැමිණෙන පණිවුඩ ස්මාට් ෆෝල්ඩර්ස් වල ඛාණ්ඩගත කිරීම සිදු කළ හැකියි. ඔබට අත්‍යාවශ්‍ය පණිවුඩ එක් ගොනුවකටත්, අනවශ්‍ය පණිවුඩ තව ගොනුවකටත් ඛාණ්ඩගත කරන්න. එමෙන්ම ආයතන ප්‍රධානියා විසින් ඔබට එවනු ලබන පණිවුඩ අත්‍යාවශ්‍ය වන හෙයින් ඒවා වර්ණ වලින් ඛාණ්ඩගත කරගන්න. අත්‍යාවශ්‍ය පණිවුඩ ලැබෙන ඊමේල් ගිණුම් සඳහා රෙඩ් ෆ්ලැග් දමා ගන්න. එයින් ඔබට ලැබෙන ඊමේල් පණිවුඩ අඩු කාලයක් තුළ කළමනාකරණය කර ගැනීමට හැකියාව ලැබේ.
- කාර්යයන් සිදු කිරීමට පහසු ක්‍රම සකස් කරගන්න
ඔබට සේවා ස්ථානය තුළ ඇතැම් ලියැවිලි ටයිප් කිරීමට සිදු වේ. එහිදී ඒ සඳහා ගත වන කාලය අවම කර ගැනීමට ඔබට ටයිප් කිරීමට අවශ්‍ය තොරතුරු රෙකෝඩ් කර ඇප් එකක් හරහා ටයිප් කරවා ගත හැකියි.
එමෙන්ම බොහෝ දෙනා කාර්යාලය තුළදී මුහුණ දෙන ප්‍රධානතම ගැටළුවක් වන්නේ කාර්යාලයේ පරිඝණකය තුළ සුරැකිව තබන තොරතුරු එහි පවතින ඇතැම් තාක්ෂණික ගැටළු මත මැකී යා හැකි වීමයි. මේ සඳහා හොඳම විසඳුමක් ලෙස අතත්‍ය මතක අවකාශයක් භාවිත කළ හැකියි. ඔබට අවශ්‍ය තොරතුරු සියල්ලම එහි ගබඩා කොට අවශ්‍ය අවස්ථා වලදී එයට පිවිස ලබා ගැනීමට ඉන් හැකියාව ලැබේ. මෙමඟින් ඔබට නිවසේ සිට වුවද රාජකාරී කටයුතු සිදු කිරීමට අවස්ථාව සැලසේ.
සටහන: විශ්වනී හසලා
උපදෙස්: කළමනාකරණ සහ මනෝවිද්‍යා උපදේශක කෝසල කුමාරසිංහ
Leave a comment