සැමන් ගහනවා කියන්නේ මොකද්ද ? ක්‍රමවේද නැතිකමින් උඩු දුවන ප්‍රශ්න
මේ දිනවල බන්ධනාගාර සම්බන්දයෙන් කතා බහට ලක් වී ඇති නිසා නිතර ඇසෙන වචනකි "සැමන් ගහනවා". මෙය කුමක්ද යන්න දන්නා අයද නොදන්නා අයද වේ.
සැමන් ගහනවා යන්නෙන් අදහස් වන්නේ ටින් එකක තද කර අසුරා ඇති සැමන් මසුන් මෙන් රැඳවියන්ව ද සිර කර තබා ඇති ස්වභාවයයි. එක් කාමරයකට ක් දැමිය හැකියැයි සිතුවොත් සමන් ගහනවා යනු එම කාමරයට ඊට වැඩි ප්‍රමාණයක් දැමීමය.
එවිට එක අයකුගේ හිස තවත් රැඳවියෙකුගේ දෙපා අසල පිහිටන පරිදි නිදා ගැනීමට සිදුවේ. එතැන පෞද්ගලික ඉඩක් හෝ රහස්‍යභාවයක් නොමැති අතර, නිදා සිටින විට පැත්තකට හැරීමට තරම්වත් ඉඩක් බොහෝ විට ඉතිරි නොවේ. සමහරු රාත්‍රියම හිටගෙන ඇහැරන් ඉන්නවා යනුවෙන් මිගමුව බන්ධනාගාර සිදුවීමේදී සමහරු පැවසුවේ මේ නිසාය. ඉඩකඩ මදි වීම හමුවේ මෙවැනි තත්වයන් උද්ගත විය හැකිය.
එමෙන්ම මුළු රාත්‍රිය පුරාම එකම ඉරියව්වෙන් පැත්තකට වී සිටීමට සිදුවනු ඇත. බන්ධනාගාරවල පවතින දැඩි තදබදය පිළිබඳ ගැටලුව කාලයක් පුරාවටම කතා බහට ලක් විය. 2012 වසරේ වැලිකඩ බන්ධනාගාර කැරැල්ල වාර්තා කළ මම එවකට ද රැදවියන් සම්බන්දයෙන් කතා කරන අවස්ථාවන්හිදී මෙම ගැටළු ගැන ඒ කාලයේදීද වාර්තා කර ඇත.
මෙම අධික තදබදය පිළිබඳ ගැටලුව ප්‍රතිපත්ති සම්පාදකයින්, අධිකරණ නිලධාරීන්, බන්ධනාගාර පරිපාලකයින් සහ මහජනතාවගේ දැඩි අවධානයට ලක්විය යුතු නැවට අපි දිගින් දිගටම අවධාරණ කළෙමු. බන්ධනාගාර යටිතල පහසුකම් පුළුල් කිරීම, පුනරුත්ථාපන වැඩසටහන් ශක්තිමත් කිරීම, සුදුසු අවස්ථාවලදී අනවශ්‍ය පූර්ව නඩු විභාග රඳවා තබා ගැනීම් අවම කිරීම සහ ඇතැම් ප්‍රචණ්ඩකාරී නොවන වැරදි සඳහා සිරදඬුවම් වෙනුවට විකල්ප ක්‍රමවේදයන් සලකා බැලීම මීට පිළියම් ගැන අප දීර්ඝව ඒ දිනවල සිට වාර්තා කළෙමු. නමුත් මෙතෙක් කාලෙන් කාලෙට රතී පක්ෂ මාරු වුණා විනා ඒවාට සුදුසු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වුයේ නැත.
මිගමුව බන්ධනාගාරයේ රැඳවියන් 2,400කට ආසන්න පිරිසක්එ සිට ඇත. නොයෙක් අවස්ථාවන්හිදී සිරකරු අයිතිවාසිකම් පිළිබද පෙනී සිටින සංවිධාන මානව හිමිකම් සංවිධාන රැදවියන්ගේ සුභ සාදනයන් ගැන නොයෙක්මෙවර කතා වුවත් මෙරට එවන් සිසිටම් එකක් සැකසීම ප්‍රශ්නාර්තයක්ව ඇත. සමහරු අසන්නේ වැරදිකරුවන්ට සුවපහසුව ලබා දීම ප්‍රයොගිකද යන්නයි. නමුත් අපේ තර්කය වන්නේ එවැන්නක් නොව. එමෙන්ම සිරගත කිරීමේ දඬුවමකින් අදහස් කරන්නේ පුද්ගලයෙකුගේ නිදහස අහිමි කිරීම මිස, ඔහුගේ මූලික මිනිස් ගරුත්වය අහිමි කිරීමක් නොවිය යුතුය.
මෙය තදබදයක් නොව, මෙය අධික තදබදයකි. මෙවන් තත්වයක් හමුවේ සනීපාරක්ෂක පහසුකම්, වැසිකිළි, නාන සහ රෙදි සෝදන පහසුකම් සහ ජල සැපයුම කෙරෙහි දැඩි බලපෑමක් එල්ල වීමෙන් නොයෙන් රෝග උත්සන්න විය හැකිය. එමගින් වෙනත් ප්‍රශ්න ගණනාවක් උද්ගත වේ.
වැරදිකරුවන්එට පිරිසිදුකම කැප නැහැයි කෙසේනම් තර්ක කල හැකිද ? කිසියම් මට්ටමකට පිරිසුදු බව පවත්වා ගෙන යෑම රැඳවියන් විනය පවත්වා ගැනීම සහ ආයතනය තුළ සිටින සැමගේ ආරක්ෂාවට රැකුලක් වනු ඇත. අධික තදබදය නිසා මානසික ආතතිය, කළකිරීම, ගැටුම් සහ නොසන්සුන්කාරී තත්ත්වයන් ද නිර්මාණය වේ.
යම් රෝගයක් බෝ වුණොත් එයින් රැදවියන් පමණක් නොව ඔවුන් සමග ගැටෙන කාර්ය මණ්ඩලයද එම වාහකවලට ගොදුරු වනු ඇත. එය ප්‍රශ්න ගණනාවක ආරම්භයකි. රැදවියන්ගේ මානසිකත්වය මෙන්ම ඔවුන් සමග ගැටෙන නිලධාරීන් මේ හමුවේ දැඩි පීඩනයක් යටතේ දිගු වේලාවක් සේවය කිරීමට සිදුවීමෙන් දැඩි වෙහෙසට මෙන්ම ශාරීරිකව හා මානසිකතත්වයන්ට ගොදුරු විය හැකිය.
මේ සියලු පැති සොයාබලා පුනරුත්ථාපනය කිරීමේ නිසි ක්‍රමවේදයක් මෙන්ම බන්ධාගාර පරිසරය නිසි සිසිටම් එකට සැකසීම, බන්ධාගාර වැඩිදියුණු කිරීම කාර්ය මණ්ඩලයට, රැඳවියන්ට මෙන්ම අවසාන වශයෙන් මුළු මහත් සමාජයටම යහපතක් වනු ඇත.
අශන්ති වරුණසූරිය


Leave a comment