සිරි දළදා වන්දනාව වෙනුවෙන් ලක්ෂ සංඛ්‍යාත වූ සැදැහැවතුන් පිරිසක් මහනුවරට

ශ්‍රී දන්ත දාතුන් වහන්සේ වන්දනා කිරීමට පැමිණෙන සියලු බැතිමතුන් වෙනුවෙන්  අවශ්‍ය පහසුකම් සම්පාදනය කිරීමට ආයතන රැසකින් පියවර ගෙන තිබෙනවා. 

 

ගමන් මාර්ග තුනක් ඔස්සේ පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කොට පවතින බවයි වාර්තා වන්නේ. 

අහාර පාන ,පානිය ජලය ,සෞබ්‍යය සේවාවන් , සනීපාරක්ෂක පහසුකම් මෙන්ම කසල කළමනාකරණය කිරීම සදහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක වනවා. 

සිරි දළදා වන්දනාවට පැමිණෙන දහස් ගණනක් බැතිමතුන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය තොරතුරු එකම පියසකින් ඔන්ලයින් ක්‍රමයට ලබා ගැනීම සඳහා වන විශේෂ වෙබ් අඩවියක් ද ක්‍රියාත්මකයි. 

යාවත්කාලීන වන නිවේදන, සිටින ස්ථානයේ සිට සනීපාරක්ෂක පහසුකම් තිබෙන ස්ථාන වලට ගමන් මාර්ග හඳුනා ගැනීම, දන්සැල්, අතරමං වූවන් සොයා ගැනීම, ප්‍රථමාධාර සේවා ඇති ස්ථාන සොයා ගැනීම ආදී විශේෂාංග රැසකින් මෙය සමන්විත වේ.  

පිවිසුම් මාර්ග සියල්ලේම මෙයට පිවිසීම හැකි QR කේත ඇතුලත් පුවරු ස්ථාපිත කොට ද පවතී. 

 

සටහන -  මාතලේ මහේෂ් කිර්තිරත්න

වගකීම බාර ගන්නවා කියලා ඉල්ලා අස් නොවුණේ ඇයි ? ඇමතිගෙන් උත්තරයක් Read Previous

වගකීම බාර ගන්නවා කියලා ඉල්ලා අස් නොවුණේ ඇයි ? ඇමතිගෙන් උත්තරයක්

දරුවන්ගේ පරිත්‍යාග ගුණය පුරුදු කරවමු. Read Next

දරුවන්ගේ පරිත්‍යාග ගුණය පුරුදු කරවමු.

Realted Post

Leave a comment