සිරි දළදා වන්දනාවට එන ඔබටයි මේ නිවේදනය

සිරි දළදා වන්දනාවට එන බැතිමතුන්ට සෞඛ්‍ය ගැටළුවක් ඇති වුවහොත් පෝලිම් අසල සිටින නිලධාරින්ගේ සහාය ලබාගෙන වහාම සෞඛ්‍ය මධ්‍යස්ථානයක් වෙත යොමු වන්නැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියයි.

සිරි දළදා වන්දනාවට පැමිණෙන බැතිමතුන් සඳහා අනුගමනය කළ යුතු සෞඛ්‍ය පුරුදු සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය විසින් දැනුවත් කර ඇත.
දිගු කාලීන රෝගී තත්වයෙන් පෙළනෙ බැතිමතුන් රෝග විනිෂ්චය කාඩ් පතේ පිටපතක් හෝ සායන කාඩ් පතේ පිටපතක් රැගෙන එන්නැයිද එම කාර්යංශය සඳහන් කරයි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය බැතිමතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් නිකුත්කළ උපදෙස් මාලාව පහත දැක් වේ.

 

1.විජලනය වළක්වා ගැනීමට නිතර නිතර ජලය පානය කරන්න.


2. ගෙදරින් ගෙන ආ පිසූ ආහාර ඉක්මණින් ආහාරයට ගන්න. නරක් වී යැයි හැඟේ නම් ආහාරයට ගැනීමෙන් වළකින්න.


3.ඔබ දිනපතා ඖෂධ ගන්නා අයකු නම් (මීමැස්මොරය , අධි රුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝගයක් සඳහා) එම මාත්‍රාව නියමිත වේලාවට ගන්න. තවත් දින කිහිපයක් සදහා සරිලන සේ වැඩිපුර බෙහෙත් ළඟ තබා ගන්න.


4. ඔබ දිගු කාළීන රෝගයකින් පෙළෙන අයකු නම් රෝග විනිශ්චය පතේ හෝ සායන කාඩ් පතේ ඡායා පිටපතක් ඔබ ළඟ තබා ගන්න.


5. ඔබේ දරුවාගේ සාක්කුවේ හෝ ඇඳුමේ ඔබගේ දූරකථන අංකය ලියා රඳවන්න.


6. කිසිඳු විටෙක පෝළිමේ සිටින විට කළබල නොවන්න. එක් අයකු කළබල වුවහොත් බොහෝ දෙනෙකු කළබල වී තෙරපීම් සිදු විය හැකියි. අනතුරු වළක්වා ගනිමු.


7. අත්‍යවශ්‍ය දේ පමණක් රැගෙන යන්න. කැළි කසළ අවම කර ගැනීමට සහය වන්න. හැකි සෑම විටම කසළ නියමිත බඳුන්වලට දමන්න. ඔබේ වගකීම ඉටු කරන්න.


8. ඔබට සෞඛ්‍ය ගැටළුවක් ඇතිවුවහොත් පෝළිමේ ගමන් මග රැඳී සිටින නිළධාරින්ගේ හෝ පිහිටුවා ඇති සෞඛ්‍ය මධ්‍යස්ථානවල සහය නොපමාව ලබා ගන්න.


9. දුම්රිය පාපුවරුවේ, ජනේලවල හෝ බඳේ එල්ලීයාමෙන් වැලකී දුම්රිය මගේදී මෙන්ම බිං ගෙවල් තුළින් යෑමේදී සිදුවන අනතුරු වළක්වා ගනිමු.


10. ඔබගේ වාහනය නියමිත වේග සීමාවන්ට යටත්ව අවධානයෙන් පදවන්න. මහමග අනතුරු වළක්වා ගැනීමට වගකීමෙන් රිය පදවන්න.


11. ඔබේ පෞද්ගලික ස්වස්තතාව රැකගැනීමට කුඩා සබන් කැබැල්ලක් හෝ සැනිටයිසර් දියර (hand sanitizer) රැගෙන යන්න.


12. මදුරු දෂ්ටනයෙන් ආරක්ෂා වීමට මදුරු විකර්ෂක (පැඟිරි තෙල් වැනි) භාවිතා කරන්න.

බණ්ඩාරනායක අනුස්මරණ  ජාතික පදනමෙන්  රජයට මිලියන 250ක් Read Previous

බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමෙන් රජයට මිලියන 250ක්

මේක රාජකාරියට එහා ගිය ජාතික වගකීමක් සහ පුරවැසි වගකීමක් Read Next

මේක රාජකාරියට එහා ගිය ජාතික වගකීමක් සහ පුරවැසි වගකීමක්

Realted Post

Leave a comment