සුමන් සමන් දෙවියන් සෝවාන් ඵලයට පත් වූ දුරුතු පෝය

ශ්‍රී ලාංකේය බෞද්ධ ජනයා භක්තියෙන් සමරන අවුරුද්දේ පළමු පොහෝ දිනය දුරුතු පොහොයයි. බෞද්ධයින් එදිනෙදා කරන වැඩවලින් මඳකට ඉවත් වී පෙහෙවත් සමාදන් වෙමින් දැහැමි ජීවිතයක් එදිනට ගත කරයි. ශාසන ඉතිහාසයේ විවිධ කරුණු කාරණා මූලික කර ගනිමින් දුරුතු පොහොය බෞද්ධ අපට වැදගත් වෙයි. 

බුදුරජාණන් වහන්සේ 9වැනි වස් කාලය තුළ තුන් බෑ ජටිලයන් දමනය කර ඔවුන් මේ බුද්ධ ශාසනයට ඇතුළත් කරන්නේ එවන් පොහෝ දිනකයි. උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප යන ජටිලයන් ත්‍රිත්වය ප්‍රමුඛ 1000 පිරිස සිය දහම් මඟ වෙත හරවා ගනියි.

එමෙන් ම බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදු වූයේ ද දුරුතු පොහෝ දිනකයි. ඔබ මා වාසය කරන මේ ශ්‍රී ලංකාද්වීපයේ මහියංගන ප්‍රදේශයට වැඩම කර එහි සිටි යක්ෂ ගෝත්‍රිකයන් දමනය කර මේ ශාසනික දායාදය ඔවුන්ට ලබා දෙයි. මහියංගනයේ යක්ෂ ගෝත්‍රිකයන්ට සිදු කළ මෙම ධර්ම දේශනයේ දී සුමන සමන් දෙවිඳුන් සෝවාන් ඵලයට පත් විය.

එමෙන් ම සුමන සමන් දෙවිඳුන්ගේ ආරාධනයකට අනුව බුදුරදුන් විසින් සමන් දෙවිඳුන්ට කේෂ ධාතු මිටක් පූජා කිරීමත් මෙවන් පොහෝ දිනක සිදුවිය. මෙය ලෝකයේ ප්‍රථම වතාවට දෙවියන් විසින් ඉදි වූ චෛත්‍යය රාජයාණන්වහන්සේ ලෙස පිළිගනු ලබයි. 

දුරුතු පොහොයේ සිදු වූ තවත් වැදගත්කමක් නම් බිම්බිසාර මහ රජතුමා විසින් සිදු කළ වේළුවනාරාම පූජාවයි. වේළුවනාරාමය මේ ශාසනයට පූජා කළ ප්‍රථම ආරාම පූජාවයි.

මෙම වැදගත්කම්වලට අමතරව කැලණිය රජ මහා විහාරය විසින් වාර්ෂිකව පවත්වන පෙරහැර මංගල්‍යය සිදු කිරීම, ආරාම පිළිගැනීම සුදුසු යැයි බුදුරදුන් භික්ෂූන් අමතා නියම කිරීම, ලක්දිව ත්‍රිපිටක බුද්ධ ධර්මය ප්‍රථම වරට පුස්තකාරූඪ කිරීම, මිනිපේ නම් දනව් පියසට ගුවනින් පහළට බුදුරැස් මාලාවක් විහිදුවමින් බුදුරදුන් වැඩ සිටීම මෙවන් දුරුතු පොහෝ දිනක සිදු විය.


සහශ්‍රිකා දයානන්ද

ලස්සනට අඳින්න කැමති ඔයාට Read Previous

ලස්සනට අඳින්න කැමති ඔයාට

පළවෙනි පාරට කරපු වැඩක්. අපට රඟපාන්න නිදහස හම්බ වුණා. Read Next

පළවෙනි පාරට කරපු වැඩක්. අපට රඟපාන්න නිදහස හම්බ වුණා.

Realted Post

Leave a comment