හිතුවක්කාර ඩුලානි නිහඬතාවය බිඳියි

 

 

මේ දින වල නිරතුරු ඇසෙන "දුරතියා" ගීතය සමඟ නැවතත් කරළියට පැමිණි වෙනස්ම ආරක හඬ පෞරුෂයක් හෙබි ගායන ශිල්පිනියක් තමයි ඩුලානි රාමනාදන්. ඇයගේ අලුත්ම තොරතුරු කිහිපයක් සිරිකත Online  ඔස්සේ මෙලෙස ඔබට ගෙන එන්නට අප සිතුවා.

 

 ඩුලානි රාමනාදන් කියන්නෙ කවුද? 
ගායන ශිල්පිනියක්, ගුරුවරියක් වගේම මවක්. වෙලාවකට  උණුවෙන හිතක් තියෙන, ටිකක් හිතුවක්කාර චරිතයක්. ඒ විතරක් නෙමෙයි ෆැෂන්වලට වගේම ෆිට්නස් පැත්තටත් ගොඩක් කැමති කෙනෙක් තමයි ඩුලානි කියන්නෙ.

 

 මේ දවස්වල වැඩ කටයුතු කොහොමද ? 
මම වැඩිපුර වෙලාවක් වෙන් කරලා තියෙන්නෙ ගුරුවරියක් විදියට වැඩ කරන්න. මවක් විදියටත්  කාර්යබහුල වෙනගමන් සංගීත කටයුතුවලත් නිරත වෙනවා.

 

 නිහඬබව බිඳින්න දුරතියා ගීතය තෝරගත්තේ ඇයි? 
මම හිතුවට වඩා වැඩි කාලයක් මට විවේකය එක්ක නිහඬ ව ඉන්න සිද්ධ වුණා. සුදානම් කියලා හිතුණ වෙලාවේ තමයි දුරතියා ගීතයෙන්ම ආපහු එන්න හිතුවෙ.

 

 දුරතියා ගීතයට ලැබෙන ප්‍රතිචාර ගැන කිව්වොත් ? 
ප්‍රතිචාර නම් ගොඩක් හොඳයි.

 

 සංගීත ක්ෂේත්‍රයට එන්නේ කොහොමද? ප්‍රසංග වේදිකාවට නැවතත් ආරාධනාවක් ලැබුණොත්? 
අනිවාර්යෙන්ම භාර ගන්නවා. ප්‍රසංග වේදිකාව මම දකින්නේ ලොකු ජවයක් තියෙන තැනක් විදියට.

 

 ප්‍රවීණයින්ගේ දෝෂාරෝපණය එක්ක කවර්එකක් කිරීමෙන් තේරුමක් තියෙනව ද? 
හැමෝම එහෙම නෑ. සමහරු හරි කැමැතියි තමන්ගෙම ගීතයක් වෙනස්ම විදියට  ඉදිරිපත් වෙනවා නම්. මුල් ගායනයත් ඒකෙන් ප්‍රසිද්ධ වෙනවා. ඒක හොඳ දෙයක් විදියට මම දකිනවා.

 


 රියැලිටි තරඟයක් දිනුව ගමන් එතනින් එහා ගමනක් නැද්ද? 
තරඟයක් ඇතුලේ තමන්ට ලැබෙන තැන තීරණය වෙන්න රසික මනාපයත් ගොඩක් බලපානවා. එතනින් එහාට අපි නතර වෙනව නම් ඒක රසිකයන්ට කරන ලොකු අසාධාරණයක්. ඒත් එක්කම දෙයක් කරන්න පුළුවන් නම් ඒක තමයි ගොඩක් වටින්නේ.

 

 වැඩිපුර ගායනා කරන්න කැමැති ඉංග්‍රීසි ගීත ද? සිංහල ගීත ද ? 
එහෙම එකක් නැහැ. ඉංග්‍රීසි වගේම සිංහල ගීත ගායනා කරන්නත් මම ගොඩක් කැමතියි. හැබැයි මට පොඩි කාලේ ඉඳලම අහන්න වගේම කියන්නත් ලැබුණෙ ඉංග්‍රිසි ගීත.

 

 

 මෙතෙක් ආපු ගමන ගැන ආපහු හැරිලා බැලුවොත් ? 
ඇත්තටම ඒක බාධක මැද්දේ අපහසුවෙන් ආපු ගමනක්. ඒ ආපු ගමන ගැන ගොඩක් සතුටුයි.

 

 ඉදිරියේදී  ඩුලානි කොයිවිදියට දකින්න ලැබෙයි ද? 
මම කොහොමත් වෙනස් දේවල් කරන්න කැමති කෙනෙක්. ඉදිරියේදී වෙනස් දේවල් ගොඩකින් මාව දකින්න හැකි වේවි.  

සටහන - නෙත්මි තෂාරා


 

වසරේ සිංහල සමාජ මාධ්‍ය ජාලයට හිමි විශිෂ්ඨතා සම්මානය ලංකාදීප Online සමාජ මාධ්‍ය ජාලයට Read Previous

වසරේ සිංහල සමාජ මාධ්‍ය ජාලයට හිමි විශිෂ්ඨතා සම්මානය ලංකාදීප Online සමාජ මාධ්‍ය ජාලයට

සිරිකත වෙබ් අඩවිය සහ සිරිකත සමාජ මාධ්‍ය ජාලය විශිෂ්ඨතා සම්මානයෙන් පිදුම් ලබයි Read Next

සිරිකත වෙබ් අඩවිය සහ සිරිකත සමාජ මාධ්‍ය ජාලය විශිෂ්ඨතා සම්මානයෙන් පිදුම් ලබයි

Realted Post

Leave a comment