‍ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට යෙදී තිබේ.

"ආදරෙන් සුරකින්න- අපිට ලොව දිනන්නට" තේමාව යටතේ ලෝක ළමා දිනයත් "පරපුරක් තැනූ පරපුරක් රැකගනිමු" තේමාවෙන් ලෝක වැඩිහිටි දිනයත් අද දිනයේ සමරනු ලබනවා. 

දිවයින පුරා පාසල්වල ළමා දිනයට සමගාමීව විවිධ උත්සව සහ ක්‍රියාකාරකම් සංවිධානය කර තිබෙනවා. 

ළමා දිනය වෙනුවෙන් පසුගිය 25 දා සිට ජාතික ළමා දින සතියක් ක්‍රියාත්මක වූ අතර වැඩිහිටි දිනය වෙනුවෙන් අද (01) සිට 7 දා දක්වා සැමරුම් සතියක් ක්‍රියාත්මකයි.

සටහන - කසුනි විජේසිංහ 

ලෝක විවාහක රූ රැජින තෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ සබීනා යූසෆ් දිනාගනී Read Previous

ලෝක විවාහක රූ රැජින තෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ සබීනා යූසෆ් දිනාගනී

නකල්ස් රිවස්ටන් සංචාරක කලාපය සිමාවන්ට යටත්ව  විවෘත්ත කෙරේ Read Next

නකල්ස් රිවස්ටන් සංචාරක කලාපය සිමාවන්ට යටත්ව විවෘත්ත කෙරේ

Realted Post

Leave a comment