’’කෛලාෂ්’’ හැමෝම හොයපු ඒ නමේ තේරුම


"කෛලාෂ් මහේශාක්‍ය" නමෙහි අර්ථය : 

කෛලාෂ් (Kailash) 

"කෛලාෂ" යනු සංස්කෘත පදයකි (कैलास- Kailāsa). එහි "ස්වර්ගීය" හෝ "පාරමිතාත්මක" යන අදහස ගැබ් වේ.
සංස්කෘත පද විභාජනය: 

 

  • "කෛ" (कै - Kai) > දීප්තිමත්, ආලෝකමත්
  • "ලාෂ්" (लास - Lash) > ස්වාර්ගික, ශුද්ධ

හින්දු සන්ධර්භයන්හී; "කෛලාෂ්" යනු 'පිරිසිඳුකරන්නා සහ විනාශ කරන්නා' වන ශිව දෙවියන්ගේ ස්වර්ගීය වාසභවනය වන "දීප්තිමත් පළිඟු කන්ද" නම් වේ. එය මේරු පර්වතය හා සසඳා දෙවියන්ගේ පරිශ්‍රයක් ලෙස සැලකේ.

භෞතිකයේදී; "කෙලාස :kelāsa" (केलास) යන සංස්කෘත වචනයෙන් බිඳී ආ නමක් වන කෛලාෂ් පර්වතය (Mount Kailash) දෙව්ලොවට පිවිසෙන මාර්ගය ලෙස හැඳින්වේ. Kelāsa යනු පලිඟු (Crystal) ය. හිමාලයේ අදටත් කෛලාෂ පව්ව ලෙස හඳුන්වන හිම කන්දක් වේ. සාගර මන්ථනය මොහොතේ සුරයන් සහ අසුරයන් විසින් කිරිසයුර කළඹා ඇත්තේ කෛලාෂකූටය රිටක් මෙන් යොදාගෙන ලු. ඒ නිසා ලෝකෙ විනාස වුනත් ඒකට මුකුත් වෙන්නෙ නෑ ලු. 

අධ්‍යාත්මිකව; මනුෂ්‍යයාගේ "අභ්‍යන්තර සංවාදය හා මෝක්ෂය" (නිවන, මුක්තිය) ලබාදෙන ස්ථානයක් ලෙස සැලකේ. හින්දු, බෞද්ධ, ජෛන ආගම්වලට මෙය ශුද්ධ ස්ථානයකි. බෞද්ධ දර්ශනය අනුව මෙය "ආත්ම ගවේශණය" (Self- realization) නියෝජනය කරයි.

මහේශාක්‍ය (Maheshakya)

සංස්කෘත තත්සම වචනයක් වන මහේශාක්‍ය Maheśākhya (महेशाख्य) යන්න විශේෂණ පදයකි. මෙයින් ඉහළින් පිළිගත්, ඉහළින් වැජඹෙන යන්න අරුත්ගැන්වේ. 

 

බෞද්ධ සාහිත්‍ය අනුව: 

මජ්ඣිම නිකායේ "චූල කම්මවිභංග සූත්‍රය" අනුව මහේශාක්‍ය දෙවිවරු, මිනිස්සු සහ අල්පශාක්‍ය දෙවිවරු, මිනිස්සු ගැන කියවේ. අල්පේශාක්‍ය අයගේ ආනුභාවය අඩුයි. කිසි කෙනෙක් ගණන් ගන්නේ නෑ. අන් අයගේ අවධානයට ලක් වෙන්නේ නෑ. ප්‍රසිද්ධ නෑ. පිරිසක් අතරදී කිසි පිළිගැනීමක් නැහැ. ඒ තමයි අල්පේශාක්‍ය මිනිස්සු. බුද්ධ දේශනාවට අනුව එබඳු ඉරණමක් අත්වෙන්නේ පෙර ජීවිතවලදී අනුන්ට ලැබෙන ලාභ – සත්කාර – කීර්ති – ප්‍රශංසාවලට ඉරිසියා කරලා තියෙන නිසයි. මහේශාක්‍ය අයට ඊර්ෂ්‍යා කිරීමේ විපාකය එයයි. එහෙනම් තව කෙනෙකුට ලාභ – සත්කාර – කීර්ති – ප්‍රශංසා ලැබෙනවා දකිනකොට, තව කෙනෙක් දියුණු වෙනවා දකිනකොට ඒ දිහා බලලා සතුටු වීමේ ආනිශංසය හැටියට ඔබ "මහේශාක්‍ය කෙනෙක්" බවට පත්වේවි. යන යන තැන ඔබට ලොකු පිළිගැනීමක් ලැබේවි. ඔබ ගැන කවුරුත් කතා කරාවි. ආනුභාව සම්පන්න කෙනෙක් වේවි.

අංගුත්තර නිකායේ තික නිපාතයේ “ලෝණ ඵල සූත්‍රය” අනුව "අල්පශාක්‍ය" සහ "මහේශාක්‍ය" වශයෙන් දෙකොට්ටාශයක් හඳුන්වා දේ. ඒ අනුව අල්පේශාක්‍ය පුද්ගලයා යට කොට කර්ම ශක්තිය ක්‍රියාත්මක වෙනවා.  මහේශාක්‍ය පුද්ගලයා තමන්ගේ මානසික ශක්තිය තුළින් කර්ම වේගය යට කොට ක්‍රියාත්මක වෙනවා. 

අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ මහා වග්ගයේ හත්වැනි සූත්‍රය වන "මල්ලිකා සූත්‍රය" අනුව ද කාන්තාවන්ගේ රූමත්කම සහ ධන ධාන්‍යයෙන් ආඪ්‍ය ද? නැද්ද යනවග සමඟ "මහේශාක්‍ය" සහ "අල්පශාක්‍ය" ගුණය විග්‍රහ කරයි. 

ඒ අනුව කෛලාෂ් මහේශාක්‍ය යන්නෙහි අර්ථය:

"ස්වර්ගීයවත්, පවිත්‍රවත් බබලමින්, ගරු බුහුමන් ලබමින්, අනුභාවසම්පණ්නව ඉහළින් වැජඹෙන්නා" යන්නයි.

ලංකාව නියෝජනය කරමින් අංජලී IPR International  ලේකම් ධුරයට Read Previous

ලංකාව නියෝජනය කරමින් අංජලී IPR International ලේකම් ධුරයට

I Will Always Love You ඩොලී පාර්ටන් Read Next

I Will Always Love You ඩොලී පාර්ටන්

Realted Post

Leave a comment