ශීතකරය පිරිසිදු කරන පහසුම ක්‍රමය

ඔයාගේ ගෙදරත් ශ්‍රිතකරණය ඇරියාම යකාගේ කම්මල වගේද ?

ගෙනාපු බඩු එහේ මෙහේ ගහලා ශීතකරණය පුරෝලාද තියෙන්නේ. එහෙම කරන්න එපා. එහෙම කළොත් ඔයාගේ කාර්යබහුල ජීවිතේට තවත් වැඩ වැඩි වෙනවා ඇරෙන්න වෙන විසඳුමක් වෙන්නේ නෑ. වගේම ගෙදර ලයිට් බිලත් ඔබ නොසිතන ලෙස අමතර නැගුමක් වෙන්නත් පුළුවන්. 

නමුත් මෙවර සිරිකත කුස්සියේ රහසින් කියන්න හදන්නේ හැඩි උණු ශ්‍රීතකරණය පිළිවෙලට ලස්සනට තියාගන්න අයුරු ගැනයි. 

  • මුලින්ම ශ්‍රීතකරණයේ විදුලිය විසන්ධි කරන්න. පසුව ශ්‍රීතකරණයේ සේරම බඩු ටික ඉවතට ගන්න. බලන්න ඒවායේ කල් ඉකුත් වුණ, කල් ඉකුත් වෙන්න ළඟ කල් ඉකුත් වෙලාම තියෙන දේවල් මොනවද කියලා ඒවා  වෙන් කරන්න. 
  • දෙවනුව එකින් එක තට්ටු හොඳින් ගලවා මුදෘ සේදුම් කාරකයකින් හෝ සබන් දියරයක් යොදා මුදෘ රෙදිකඩකින් පිරිසුදු කරන්න. 
  • තුන්වනුව මද උණුසුම් ජලයට බේකින් සෝඩා ස්වල්පයක් එකතු කරලා වියළි පිරිසුදු මුදෘ රෙදි කඩකින් හොඳින් මුළු ශීතකරණය ඇතුළත හා පිටත පිස දමන්න.
  • දොරේ රබර් සිල් අතර රැඳුණු කුණු හා ආහාර අපද්‍රව්‍ය කොටස් මෘදු බුරුසුවකින් හෙමින් ඉවත් කරන්න. 
  • මේ සියල්ලටම පුංචි කාලයක් වැය වුණත් හෙමින් සීරුවේ සතියකට වරක්වත් සිදු කරන්න බලන්න. එයින් ඔබට මනස නිරවුල්ව තියාගෙන ඔබේ කාර්යබහුල ජීවිතය පහසු කරගන්න පුළුවන් වෙනවා. 
  • ඒ වගේම ශ්‍රීතකරණයෙන් දුර්ගන්ධයක් එනවා නම්  ඒකට කදිම විසඳුමක්. 
  • පුංචි භාජනයකට බේකින් සෝඩා ස්වල්පයක් එකතු කර ශීතකරණයේ තබන්න. 
  • අවසානයට  හොඳින් පිරිසුදු කර වියළුණු පසු අවශ්‍ය බඩු ලස්සනට පිළිවෙලට ඔබට අවශ්‍ය විදියට අසුරා තබා ශීතකරණය ක්‍රියාත්මක කරවන්න අමතක කරන්නත් එපා.

සටහන - මහේෂානි මීගහපොල.
උපදෙස් - ප්‍රවීණ සූපවේදනී. ජීවනී විජේසේකර. 

නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය සහ ශාසනික මෙන්ම සංස්කෘතික වැදගත්කම Read Previous

නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය සහ ශාසනික මෙන්ම සංස්කෘතික වැදගත්කම

දින 11ක් සෙංකඩගල වර්ණවත් කළ රඟ සොබා Read Next

දින 11ක් සෙංකඩගල වර්ණවත් කළ රඟ සොබා

Realted Post

Leave a comment