අප්පච්චිගේ නම රකින්නේ මමලු - Chathu Rajapaksha

ඇය දක්ෂ රංගන ශිල්පිනියක් මෙන්ම දක්ෂ ප්‍රවෘත්ති නිවේදිකාවක්. ඒ වගේම මේ දවස්වල  ඇයව  වැඩිපුරම අපට මුණගැහෙන්නේ  නිවේදිකාවක් ලෙසයි.  ඇය චතු රාජපක්ෂ 

  • චතු මේ දවස්වල මොනවද කරන්නේ?

මේ දවස්වල විකාශනය වන පරාදීසය ටෙලි නාට්‍යයේ  හා හර්ෂ තෙන්නකෝන් අධ්‍යක්ෂණය කරන නේත්‍රාදේවි ටෙලි  නාට්‍යය සමග කාර්යබහුල වී සිටිනවා. ඒවගේම  සුපුරුදු පරිදි ප්‍රවෘත්ති නිවේදිකාවකගේ කාර්යභාරයද  ඉටුකරනවා.

  • කාලයක්  පේන්න  හිටියේ නැහැ නේද?

පසුගිය දවස්වල විදෙස්ගත වෙලා හිටියා. පදිංචියට ගියේ නැහැ. විවේකයක් ලැබෙන වෙලාවට මහත්තයත් සමග රටවල්වල සංචාරය කරනවා.

  • ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස ලැබෙන ප්‍රතිචාර කොහොමද? 

ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස මට ගොඩාක් ප්‍රතිචාර තිබෙනවා. ඒ වගේම මගේ රසික රසිකාවියන් මගේ රංගනයට වගේම මම  ප්‍රවෘත්ති නිවේදිකාවක්  ලෙස කටයුතු කරන  විදිහත් බලන්න කැමතියි. දැන් මට හිතෙනවා මගේ රංගනයට වඩා ප්‍රවෘත්ති නිවේදිකාව කියන  චරිතයට ප්‍රේක්ෂකයෝ වැඩිපුර කැමැත්තක් දක්වනවා.

  • සැමියාගෙන් ලැබෙන සහයෝගය  කොහොමද?

ඔහුගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.  මට එහෙම නීති දාලා නැහැ.  මගේ හැමදේකදිම  මගෙත් එක්ක ඉඳලා මට ලොකු සහයෝගයක් දෙනවා.

  • ඔබ දෙදෙනා වෙනුවෙන් කාලය වෙන් කර ගන්නේ කොහොමද

මම ගොඩාක් කාර්යබහුල කෙනෙක් නෙමෙයි. නමුත් මගේ සැමියා ගොඩක්  කාර්යබහුලයි.  ඔහුට විවේකයක් ලැබෙන පරිදි  අපි දෙන්නා අපි වෙනුවෙන් කාලය වෙන්කර ගන්නවා.

  • විලාසිතාවලට කැමැත්ත කොහොමද?

මම ගොඩක් ආසයි විලාසිතා කරන්න. මගේ ආත්ම ගරුත්වයට  කිසිම විදිහකින් හානියක් නොවන විලාසිතා පමණයි මම කරන්නේ. මගේ පවුලේ අයට,  මගේ  සැමියට ,මගේ දරුවන්ට අනාගතයේදී  මම ඇඳපු ඇඳුමකින්වත්  හානියක් නොවන විදියට විලාසිතා  කරනවා. කාලෙන් කාලයට ගැළපෙන විලාසිතා මම  අනුගමනය කරනවා.

  • අභියෝගවලට මුහුණ දුන්නේ කොහොමද?

ඕනෑම ක්ෂේත්‍රයකින්  අපිට අභියෝග පැමිණෙනවා.  අපි දැනගන්න ඕනේ අපේ ඔළුව කෙළින් තියාගෙන ඒ අභියෝගවලට මුහුණ දෙන්න.  තවත් කෙනෙක්ව  වට්ටලා  අපි ඉස්සරහට යන්න හැදුවොත්  ඒක හරියන්නෙ නැහැ.  මේ ගමන මම හිමින් ආවෙ. ඉතින් ඒ ගමන ගැන මම තෘප්තිමත්. 

  • ඔබ ප්‍රේක්ෂකයන්ට වඩාත්  සමීප වුණු චරිතය මොකක්ද? 

ඇය සහ බන්ධනා ටෙලි නාට්‍යවල චරිතවලින්  මම ප්‍රේක්ෂකයන්ට ගොඩාක් සමීප වුණා. ඇය ටෙලි නාට්‍යයේ මම රංගනයෙන් දායකත්වය ලබා දුන්නේ නපුරු චරිතයකට. බන්ධනා ටෙලි නාට්‍ය චරිතය ගොඩාක් අහිංසක චරිතයක්. එම ටෙලි නාට්‍ය දෙක මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක්. 

  • ඔබට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද?

ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේ දවස්වල පරාදිසය  ටෙලි නාට්‍ය වෙනුවෙන්  ප්‍රතිචාර ලැබෙනවා. එය කසුන් සමීරගෙ  අධ්‍යක්ෂණයක්.   ෆැන්ටසියක ටෙලි නාට්‍යයක්.

  • මේ ආපු ගමන ගැන මොකද හිතෙන්නේ?

මම  ගොඩාක් තෘප්තිමත්. මම රංගන ශිල්පිනියක් වීම ගැන මුලින්ම මගේ පවුලේ අය කැමති වුණෙ  නැහැ.  මගේ අම්මගේ නංගි රංගන ශිල්පිනියක් වීමට කැමැත්තෙන් සිටියා.  නමුත්  අපේ ආච්චිලා, සීයලා ඒ දේට කැමති වෙලා නැහැ.  ඉතින් මගේ පුංචි අම්මා යන්න ආශාවෙන් හිටපු ගමන  අද මට යන්න වාසනාව ලැබී තිබෙනවා.  මගේ පවුලේ  අය අද මම ඉන්න තැන ගැන සතුටු වෙනවා. ආඩම්බර වෙනවා.   අප්පච්චිගේ  නම රැක ගන්නේ මමයි කියලා අප්පච්චි හැම වෙලාවෙම කියනවා.. රංගන ශිල්පිනියක් නිවේදිකාවක්  විදිහට මම ජීවිතය දිනල ඉවරයි.

  • ඉදිරි බලාපොරොත්තු මොනවාද?

සාර්ථක පවුල් ජීවිතයක් ගත කරමින්  රංගනයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා       

  • Hair and make up - Mahima Bridal Studio 
  • Designer wear- Bellesza by    Shanith Fernando
  •  Pic By  -   Rushiru Colambathanthrige 

 

ශ්‍රී ලංකා ගුවන් හමුදා 75 සංවත්සරයට සමගාමීව පවත්වන  ( Symphony of Wings ) සංගීත සන්ධ්‍යාව Read Previous

ශ්‍රී ලංකා ගුවන් හමුදා 75 සංවත්සරයට සමගාමීව පවත්වන ( Symphony of Wings ) සංගීත සන්ධ්‍යාව

මහනුර සහ අවට සවස මහ වැසි..  යටිහලගල  ,හල්ඔළුව  මාර්ගවලට  ගල් පර්වත කොටස්  සහ පස් කඳු කඩා වැටෙයි.. Read Next

මහනුර සහ අවට සවස මහ වැසි.. යටිහලගල ,හල්ඔළුව මාර්ගවලට ගල් පර්වත කොටස් සහ පස් කඳු කඩා වැටෙයි..

Realted Post

Leave a comment