ජීවිතේ බිඳ වැටීම් ජයගත් හැටි කියන - Nilushi Pawanya මේ ආදරේ දිවිතුරාම තියේවි Hector Dias

නිරූපන ක්ෂේත්‍රයට වගේම රංගන ක්ෂේත්‍රයේත් තම හැකියාව පෙන්වමින් මේ වන විට ප්‍රේක්ෂක ආදරය  දිනාගනිමින් සිටින රුවැත්තියක් සමගයි අද සිරිකත කතාබහ. මේ දිනවල පුංචි තිරය ඔස්සේ නිර්මාණ කිහිපයකින්ම ආලින්දයට ගොඩවදින ඇය නිලූෂි පවන්යා.  

නිලූෂි මේ වනවිට ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රිය චරිතයක් වෙලා. මොකද හිතෙන්නේ ඒ ගැන?

ඒ ගැන හරිම සතුටුයි. මොකද ගොඩක් අය ආදරය කරන චරිතයක් වෙන්න හැමෝටම අවස්ථාව ලැබෙන්නේ නැහැ. මම පෞද්ගලිකව හිතන දෙයක් තියනවා ඒ අපිට කෙනෙක්ගෙන් ගන්න අමාරුම දෙයක් තමයි ආදරේ කියන්නේ. සල්ලි තියනවනම් සල්ලිවලට ඕනැ දෙයක් ගන්න පුළුවන්. හැබැයි සල්ලිවලට බැහැ මිනිස්සුන්ගේ ආදරේ ළෙන්ගතුකම දිනාගන්න. මිනිස්සුන්ගේ ආදරේ ළඟ මුදල්වල වටිනාකම පවා ශුන්‍ය වෙනවා. මගේ කලා ජීවිතේ තුළ මට ඒ ආදරේ ලැබෙන එක ගැන හරිම සතුටුයි. ජීවිතේට මට ලැබුණු ලොකුම තෑග්ග තමයි ප්‍රේක්ෂක ආදරේ.

පවුලේ විස්තර ටිකකුත් කියමු

මගේ ගෙදර ඉන්නේ අම්මයි තාත්තයි, අයියලා දෙන්නයි, අක්කයි, මමයි. මගේ තාත්තා රාජ්‍ය සේවකයෙක්. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වැඩ කළා. දැන් ඔහු විශ්‍රාමිකයි. අම්මත් ගෙදර ඉන්නේ. මගේ අක්කලා අයියලා හැමෝම විවාහකයි. මම විතරයි තවම විවාහවෙලා නැත්තේ. මගේ ගම හලාවත.

මිස් ශ්‍රී ලංකා තරගය වගේම ජාත්‍යන්තරය නියෝජනය කරමින් තරග කිහිපයකට ඔබ සහභාගි වුණා. කොහොමද ඒ අත්දැකීම?

වසර 2015 දී  Miss Earth තරගයට සහභාගී වුණා. ඉන්පස්සේ Miss world Srilanka, Miss super talent, Miss model of the year වගේ තරග කිහිපයක්ම නියෝජනය කළා. ඒ වගේම මම ජාත්‍යන්තර තරගාවලි අතරින් Best talent india වලින් පැමිණි සියලුම රටවල් අතරින් Best talent කියන ජයග්‍රහණය හිමිකරගන්නවා. කොරියා පැජන්ට් එකේදිත් කිසිම පහසුකමක් නැතිව, හරියට ගුරුහරුකමක්වත් නැතිව රටවල් 40ක් අතරින් මම Top 15 අතරට එනවා. සමහර තැන්වලදී හරියට ඇඳුම්වත් මට තිබුණේ නැහැ. මේ ගමන හරි අමාරුවෙන් තනියම පැමිණි ගමනක් නිසා මට හරි සතුටුයි.

මේ යන ගමනෙදී වැටෙන, නැගිටින, හැම තැනකදීම ජීවිතේ ළඟින්ම හිටිය කෙනා කවුද?

මුල් කාලේ ඉඳල මේ වෙනකල් මගේ හැම ප්‍රශ්නයකදීම, හැම සතුටකදිම මගේ ළඟින්ම හිටපු කෙනා තමයි මගේ අම්මා. මාව දිරිමත් කරන්නෙ එයා. මම එයත් එක්ක හුඟක් දේවල් කතා කරනවා. එයා මට ගොඩක් දේවල් කියලා දෙනවා. හැම තත්පරේකදිම මට එන්නේ මගේ අම්මගේ ආශිර්වාදය. මම හිතන්නේ අද මම කොතැනක හරි තැනක ඉන්නවා නම් ඒ දේ මට ලැබෙන්නෙ මගේ අම්මා නිසා. දරාගන්න බැරිම සීමාවලදිත් එයා දරාගත්තා. සමහර තැන්වලදී එහෙම කළේ කොහොමද කියලත්. මම අද හිතනවා. අම්මගේ ඒ දරාගැනීමේ ශක්තිය මටත් ඇවිත් තියනවා කියලා.

අසීරුම අවස්ථාවලදී ජීවිතේට ආව අභියෝග ජයගත්තේ කොහොමද?

ප්‍රශ්න හැමෝටම එන දෙයක්. අපි ඒවට මුහුණ දෙන විදිහ තමයි වෙනස් වෙන්නේ. මටත් එහෙම ප්‍රශ්න ඇවිත් තියනවා. ඇත්තටම ප්‍රශ්න කියන්නේ මිනිස්සුන්ට එන්න ඕනෑ දෙයක්. මොකද ප්‍රශ්න ජීවිතේට එන්න එන්න තමයි මිනිස්සු ඒවට උත්තර හොයන්න දඟලන්නේ. ඒවට මුහුණ දෙන්නේ. හුඟක් අය ප්‍රශ්නයක් ආවම  එයින් පැනලා යනවා. උත්තර හොයාගන්නෙ නැහැ. නමුත් අමාරුම තැනකදී ප්‍රශ්නවලට උත්තර හොයාගන්න කෙනාට ඕනෑම දේකට මුහුණ දෙන්න පුළුවන් ශක්තියක් හැදෙනවා. මටත් ජීවිතේ අමාරුම තැන් තිබිලා තියනවා. දැන් ඇති කියලා හිතුණු තැන් තිබිලා තියෙනවා. ඉතින් හැම දවසක්ම අපේ දවස් නෙවෙයි. හැබැයි අපිටත් දවසක් එනවා.  ඒ නිසා ජීවිතේ දරාගැනීම්, වැටීම්, බිඳවැටීම් අල්ලගෙන ගියොත් දිනුමත් ඒ ළඟම තියනවා කියලා මම විශ්වාස කරනවා.

ජීවිතේ තවමත් සැබෑ කරගන්න බැරිවුණ සිහිනත් තියනවද?

එකක් නෙවෙයි. මගේ ජීවිතේ සැබෑ කරගන්න බැරිවුණු සිහින කිහිපයක්ම තියනවා. ඒක මම දැන් නොකියා ඉන්නම්. හැබෑ කරගත් දවසට අනිවාර්යයෙන්ම ම කියන්නම්.

මේ දවස්වල  රූපවාහිනී ප්‍රේක්ෂකයො අතර ජනප්‍රිය රංගන ශිල්පීන් අතර  හෙක්ටර් ඩයස් ඉන්නේ ඉදිරියෙන්. වාදකයෙක් සහ ගායකයෙක් ලෙසද නමක් දිනා සිටින ඔහුත් සමග අපි කළ කෙටි   කතාබහක් මේ,

මේ දවස්වල අලුත් වැඩ මොනවාද? 

අලුත් ගීතයක් එළි දක්වන්න සූදානම් වෙනවා.   ඒ වගේම සුපුරුදු ලෙස මගේ සංගීත කණ්ඩාය⁣මත් සමග  කාර්ය බහුලව කාලය ගතවෙනවා.

දිවිතුරා ටෙලි නාට්‍යය දැන් ඉවරයිනෙ. කොහොමද  ලැබුණු ප්‍රතිචාර?

ඉතා හොද ප්‍රතිචාර ලැබෙනවා. මේ ලැබෙන ආදරේ දිවිතුරාම තිබෙයි කියල හිතනවා

දිගටම රඟපානවද?

හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණොත්  නැවත රංගනයට පිවිසෙනවා. නමුත් මේ කාලයේ මාස දෙක තුනක පොඩි විවේකයක් අත්‍යවශ්‍යයි. අවුරුදු තුනක් නොකඩවාම වැඩ කළා.  ඒ කාලය තුළ ටෙලි නාට්‍ය රූගතකිරීම්,  සංගීත ප්‍රසංග සඳහා සංචාර වගේම සංගීත  කණ්ඩායමේ වැඩකටයුතු සඳහාද කාර්යබහුල වුණා

ඔබට කාන්තා ආකර්ෂණය වැඩියි නේද.  ඒ ගැන මොකද හිතෙන්නේ?

කාන්තා පාර්ශ්වය  පමනක් නොවෙයි පිරිමි පාර්ශ්වයත් මට  ගොඩාක්  ආදරෙයි.   වැරදි ආකල්ප සමග නොවෙයි ගෞරවයත්  සමග ලැබෙන  ඒ ආදරය හරිම සුන්දරයි. කාන්තාවන්ගෙන්  වැඩි ආකර්ෂණයක් ලැබෙන්නෙත්  ඉතා සුන්දර විදිහටයි. කලා ක්ෂේත්‍රයේ  වැඩකටයුතු සඳහා ඔවුන්ගෙන් ලැබෙන ආදරය ගෞරවය නිසා මට මහත් ශක්තියක් ලැබෙනවා.
සමහර රංගන ශිල්පි ශිල්පිනියන් ක්ෂේත්‍රයට පැමිණි විගස  ප්‍රසිද්ධියට පත්වෙනවා. 

ඔබ කාලයක් ක්ෂේත්‍රයේ රැඳී සිටියත්   ඔබ ජනප්‍රිය වුණේ පසුගිය කාලයෙ කියල හිතෙන්නෙ නැද්ද?

මට අවශ්‍ය බැබළි බැබළි ඉන්න නොවෙයි.  ලස්සන නිර්මාණවලට දායකත්වය ලබාදෙමින්  ප්‍රේක්ෂකයන්ගේ හිතේ රැඳෙන්න.  බැබළෙන සියලු දෙයක්ම රත්තරන් හෝ තරු නෙවෙයි.

රංගන ශිල්පියා සහ සැමියා යන භූමිකා බැලන්ස් කරගන්නේ කොහොමද?

ජීවිතේ පළමු තැන දෙන්නෙ මගේ පවුලට. එතැන සමබර නම් මගේ රංගන ජිවිතයද,  සංගීත ජීවිතයද සමබරයි.  මේ වෘත්තිය තුළ පහසුවෙන් රැඳෙන්න මගේ පවුලෙන් ලැබෙන ආශිර්වාදය මහත් රුකුලක්.

සමහර රංගන ශිල්පීන් තමන්ගේ බිරිඳව ඉස්මතු  කර පෙන්වන්නේ නැහැ. නමුත් ඔබ නිතරම බිරිඳව ඉස්මතු කර පෙන්වන්නේ  ඇයි?

එය ඉස්මතු  කිරීමක් නෙවෙයි. මගේ බිරිඳත් මම හා සමානව මාගේ ජීවිත වේදිකාවේ රඟදක්වනවා. ඉතින් අපි දෙන්නා එකට යන ගමනක්. එතනදි මගේ ගමන ලස්සන වෙන්නේ එයා සතුටින් හින්දා. එයා සාර්ථක වන්නෙත් මං සතුටින් හින්දා.  තේරුම් අරගෙන එකට යන  ගමනට තමයි  ආදරේ කියන්නෙ.

කලා ක්ෂේත්‍රය තුළ ඔබට තිබෙන  ජනප්‍රියත්වය හා රසික ආකර්ෂණය මැද සැබෑ ජීවිතයේ ‘තාත්තා’ කියන භූමිකාවට සාධාරණයක් ඉෂ්ට වෙනවද?

අනිවාර්යයෙන්ම ඉෂ්ට වෙනවා. මගේ ලොකුම වගකීම මගේ දරුවන් තුන්දෙනා. මම ලෝකයේ කොහේ සිටියත් මුල් තැන දෙන්නේ එයාලට. මම කොහේ හිටියත් මොනවා  කළත් මගේ මනසෙ සැරිසරන්නෙ මගේ දරුවො තුන්දෙනයි, මගේ පාටියි. ජීවිතයේ මට ලැබුණු ලස්සනම ආදරණීයම පදවිය  ‘තාත්තා’.

 

 

 

දීඝවාපිය සෑ ගර් භයේ සර්වඥ ධාතුන් වහන්සේලා සහ නිධන් වස්තු තැන්පත් කිරීමේ පුණ්‍යෝත්සවය Read Previous

දීඝවාපිය සෑ ගර් භයේ සර්වඥ ධාතුන් වහන්සේලා සහ නිධන් වස්තු තැන්පත් කිරීමේ පුණ්‍යෝත්සවය

නින්දෙදි ඇහැරවලා ලිංගිකව එකතුවෙන එක මාරම මානසික වදයක් Read Next

නින්දෙදි ඇහැරවලා ලිංගිකව එකතුවෙන එක මාරම මානසික වදයක්

Realted Post

Leave a comment