ලෝක ළමා දින සැමරුම

ළමුන් සහ වැඩිහිටියන් දෙගොල්ලම රටේ සම්පතක්. කවදහරි දවසක වැඩිහිටියන් බවට පත්වෙන්නෙත් අද වැඩිහිටියන් කියන රූස්ස ගස් යට හැදෙන පුංචි ළමා පැළ. මේ දෙගොල්ලගේම සබැඳියාව ඒ තරමටම වැදගත්වන නිසාම ඔවුන් වෙනුවෙන් ජාත්‍යන්තර සැමරුම් දිනයක් වෙන්වී තිබෙනවා. ඒ අතරින් ළමා අයිතිවාසිකම් සුරැකීමට ප්‍රමුඛතාව දෙන්න ලෝකයේ බොහෝ රටවල් බැඳී සිටිනවා. 1856 වසරේ ජූනි දෙවැනිදා ආරම්භවෙන ලෝක ළමා දින සැමරුම මේ වන විට ලොවපුරා රටවල් විවිධ දිනවල දී යොදාගෙන තිබෙනවා. ඒ අනුව අපි මේ දවස සමරන්නේ ඔක්තෝබර් පළමු වැනිදා.
දරුවන් නොසලකා හරින්න එපා
දරුවන්ගේ ළමා කාලයේ ඔවුන්ව නොසලකා හැරීම ලෙස හඳුන්වන්නේ දරුවන් ගැන සොයා බලන්නේ නැතිකමයි.. ඔවුන්ගේ වර්ධනයට හොඳ පෝෂණයක් අවශ්‍යයි. හොඳ මානසික නිදහස තිබෙන පරිසරයක් අවශ්‍යයි. නමුත් ඇතැම්විට දරුවන්ට අසනීපයක් හැදුනත් ඒ ගැන ඒ තරම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ. බෙහෙතක් අරන් දෙන්නෙ නැහැ. දරුවන්ගේ ලෝකය දෙස හොඳින් බැලුවොත් නොසලකා හරින  තරම කොතෙක්දැයි  හොඳින් හඳුනාගන්න පුළුවන්.
හුඟක් වෙලාවට පාරේ ඉන්න දුගී දරුවන්ගෙන් මේ නොසලකා හැරීම දකින්න පුළුවන්. ඒ දරුවන්ගේ තුවාල හැදිලා. ඒවට හරියට බෙහෙත් කරලා නැහැ. මේ විදියට නොසලකා හැරෙන්නෙ දුප්පත් දරුවන් විතරක්ම නොවෙයි. යමක් කමක් තිබෙන පවුල්වල දරුවන්ටත් මෙය සිදුවෙනවා.  එය සිදුවෙන්නේ මානසිකව. දරුවන්ට හරි ආදරයක් සොයා බැලීමක් ලැබෙන්නෙ අඩුවෙන්. කාර්යබහුල ජීවිතත් එක්ක දරුවන් වෙනුවෙන් කාලයක් දෙන්න, සොයා බලන්න අවස්ථාව මේ අයට අඩුයි. මව්පියන් වෙන්වීමත් අද සමාජයේ වැඩිපුරම දරුවන් මානසික ඇදවැටීමට පත්කිරීමට හේතුවක්. මේ නිසා දරුවන් වැඩිහිටිබවට පත් වුවත් හරි විදියට සමාජගත නොවුණොත් ඔවුන්ට ඒ පොඩි කාලේ ඇතිවුණු මානසික පීඩාකාරී තත්ත්ව ජීවිත කාලයටම බලපෑම් ඇතිකරවන්න සමත් වෙනවා.

Models | Nirvani Bodhikotuwa
Nikleshi Bodhikotuwa - Sidangana Cooray
Yashod Gunasekara

  • Pic By  -  Rushiru Colambathanthrige 

 

හාර්පි ඊගල් - මනුස්සයෙක් වගේ රූපයක් තියෙන එයා Read Previous

හාර්පි ඊගල් - මනුස්සයෙක් වගේ රූපයක් තියෙන එයා

ඇහැ ඇතුළෙ ටැටූ කළ පළමු ශ්‍රී ලාංකිකයා Read Next

ඇහැ ඇතුළෙ ටැටූ කළ පළමු ශ්‍රී ලාංකිකයා

Realted Post

Leave a comment