සිනමාවට ගියාට ටෙලි නාට්‍ය අතාරින්නෙ නෑ - Sachin

පුංචි තිරයේ ඉතා කෙටි කලකින් ජනප්‍රියත්වයට පත් තරුණ රංගන ශිල්පියෙකු වන සචින් ලියනගේ  සමග සොඳුරු කතාබහකි මේ,

  • කොහොමද මේ දවස්වල?

විසල් ආදරය චිත්‍රපටය මේ දවස්වල තිරගතවෙනවා. ඒ වගේම පසුගිය මාසයක කාලයක් රූගත කිරීම්වලට සම්බන්ධවීමට නොහැකි වුණා. දැන් නැවත රූගත කිරීම්වලට සම්බන්ධ වෙලා සිටිනවා.

  • කලා ක්ෂේත්‍රයට ආවෙ අහම්බෙන්ද?

ඔව්,  ඒක හරිම අහඹු සිදුවීමක්. රූපවාහිනී නාළිකාවකට මගේ ගීතයක් බාරදෙන්න ගියා. ඒ අවස්ථාවේදි විෂුවල් එකකට ආරාධනාවක්  ලැබුණා. ඒ ආරම්භ කරපු ගමන මේ වනතෙක් ඇවිත් තිබෙනවා.

  • රංගන ශිල්පියෙක් නොවුණා නම්?

ක්‍රිකට් ක්‍රීඩකයෙක් වේවි.  පාසල් කාලයේ  මගේ ආසාව තිබුණෙ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්න. නමුත් පාසල්  ගමන නැවතුණාට පස්සේ ක්‍රිකට් ගැහිල්ලත් නැවතුණා.

  • දැන් වාත්තීමය රංගන ශිල්පියෙක්ද?

දැනට මගේ රැකියාව රංගනය. මම වෘත්තීය රංගන ශිල්පියෙක් ලෙස දැනට හඳුන්වන්න බැහැ. මොකද වෘත්තීය රංගන  ශිල්පියෙකුගේ කාර්යභාරය ඉතා විශාලයි. ඉදිරියේදී  රංගනය ගැන වැඩිදුර හදාරමින්  වෘත්තීය මට්ටමෙන් රංගන කටයුතුවල නියැළීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.

  •  විසල් ආදරේ චිත්‍රපටියේ රඟපෑම ගැන සඳහන් කළොත්

මම රංගනයෙන් දායක වුණු පළමු චිත්‍රපටිය. සමහර අය සිතනවා ටෙලිනාට්‍යවල සිටින රංගන ශිල්පීන් චිත්‍රපටවලට රංගනයෙන් දායකත්වය ලබා දෙන එක  සාර්ථක නැහැ කියලා. නමුත් ඒ කතාව බොරුවක් වෙනවා විසල් ආදරේ චිත්‍රපටිය නිසා. ලංකාව වගේ රටක එක දෙයක් පමණක් කරගෙන ජීවත් වෙන්න බැහැ. වැඩ දෙක තුනක් කරන්නම වෙනවා. මම හිතනවා මගේ  හැකියාව මේ චිත්‍රපටයෙන් පෙන්නන්න පුළුවන් වුණා කියා මගේ පළමුවැනි චිත්‍රපටියටම  මෙතරම් ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබීම ගැන මම සතුටු වෙනවා. ඒ වගේම මේ අවස්ථාව ලබාදීම ගැන අධ්‍යක්ෂවරයාට  ස්තුතිවන්ත වෙනවා.

  • ඔබ ප්‍රේක්ෂකයින් අතරට ගිය චරිත මතකද?

මගේ රංගන ජීවිතය හැරවුම් ලක්ෂ්‍යය ‘කියාදෙන්න ආදරේ තරම්’ ටෙලි නාට්‍යයේ  නිර්වාණ්ගෙ චරිතය. මම ප්‍රධාන චරිතයට දායකත්වය ලබාදීපු පළමු ටෙලි නාට්‍යය. අදටත් මගේ ආදරණීය ප්‍රේක්ෂකයන් ඒ චරිතයට ආදරෙයි.  අදටත් මාව දැක්කොත් ‘නිර්වාණ්  ලොකු’  කියලයි කතා කරන්නෙ.

  • සිනමාව නිසා ටෙලි නාට්‍යවලින් ඉවත්වේවිද?

මට හිතෙනවා සිනමාවෙන් මට යම්කිසි දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා. ඒ මොකද කිව්වොත්   ආදරණීය ප්‍රේක්ෂකයෝ මම වෙනුවෙන් ප්‍රවේශපත්‍රයක් අරන් මම රඟපාන චිත්‍රපටයක් බලන්න එනවා කියන්නෙ මට ගොඩාක් තෘප්තිමත් වෙන්න පුළුවන් දෙයක්.  ඒ වගේම ඔවුන්ගෙන් ලැබෙන ඒ ප්‍රතිචාර මට ගොඩක් වටිනවා. එහෙමයි කියලා ටෙලි නාට්‍ය අතාරින්නේ නෑ. මෙගා නොවන ටෙලි නාට්‍යවලට අනිවාර්යයෙන් රංගන දායකත්වය ලබාදෙනවා.

  • ඉදිරි බලාපොරොත්තු මොනවද?

මම කැමතියි සිනමාවෙන්  මාව දකිනවට. තව අවුරුදු  කිහිපයකින් මගේම තිර රචනයකින් චිත්‍රපටයක්  කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.

 Pic  : indika mallawarachchi

ඔබත් PRP කරන්න ඉන්නවා නම් මුලින්ම මේක බලන්න Read Previous

ඔබත් PRP කරන්න ඉන්නවා නම් මුලින්ම මේක බලන්න

පවුල් සංස්ථාවක ගැටුම් කලාත්මකව පෙන්නවා... Read Next

පවුල් සංස්ථාවක ගැටුම් කලාත්මකව පෙන්නවා...

Realted Post

Leave a comment