Modeling තමයි කැමැති ම Asansha Jayalath

මෙවර දියවන්නා අවුරුදු කුමරිය තේරීමේ තරගයේ ජයග්‍රාහිකාව වූයේ  අසංෂා ජයලත්ය.  මේ කතාබහ ඇය සමගයි.අසංශාගෙ ගම කොහෙද ?

  • මම පිටකෝට්ටේ.

ඔයා මොනවද කරන්නේ මේ දවස්වල ?
මම තවම පාසල් යනවා. පිටකෝට්ටේ ආනන්ද බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබනවා. ලබන වසරේ අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටිනවා. 

  • පවුලේ විස්තර?

අපේ ගෙදර අම්මයි තාත්තයි අක්කයි අයියයි මමයි ඉන්නේ. 

  • කොහොමද  තරගාවලියට සහභාගි වෙන්න අවස්ථාව ලැබුණේ?

ෆේස්බුක් එකේ තිබුණු පෝස්ට් එකක් දැකලා මමයි මේ තරගයට අයදුම් කළේ. මේ මගේ පළමුවැනි පැජෙන්ට් එක.

  • පවුලේ අයගෙන් සහයෝගය ලැබෙනවද?

ඔව්. අම්මයි තාත්තයි ගොඩක් කැමතියි මම මේ වගේ දේවල්වලට සහභාගි වෙනවට. අම්මා නම් ඉස්සර ඉඳලම කියනවා මේ වගේ තරගවලට අයදුම් කරන්න කියලා.

  • පාසලෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද? 

ඔව්.  ගුරුවරු ගොඩක් සතුටු වුණා මගේ මේ ජයග්‍රහණය පිළිබඳව.  පරිස්සමින් මේ ගමන යන්න කියලා ගුරුවරු  මට උපදෙස් දෙනවා.

  • කලා ක්ෂේත්‍රයෙන් ඔබට ආරාධනා ලැබෙනවද

නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කරනවා. නමුත් රංගන ක්ෂේත්‍රයෙන් තවම ආරාධනා ලැබී නැහැ. කුඩා කාලයේ නම් ගීතයකට මම රංගනයෙන් දායක වුණා. 

  • මිතුරියන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?

එයාලා ගොඩක් කැමතියි මම යන ගමනට. මගේ සමහර ෆොටෝස්  එයාලා share කරනවා. ඒ වගේම රංගනය සඳහා මාව උනන්දු කරවනවා.

  • හොඳම යාළුවා කවුද?

මගේ අම්මා.  අම්මත්  එක්ක හැමදෙයක්ම  කතා කරන්න පුළුවන්. අම්මා මගේ යාළුවෙක් වගේ. තාත්තත් ඒ වගේමයි.

  • වෙනත් දක්ෂතා මොනවද?

මම පාසලේ තූර්ය වාදක කණ්ඩායමේ සිටිනවා. ඒ වගේම නර්තනය හදාරනවා. මේ දේවල්වලින් තරග සඳහා ද  සහභාගී වී තිබෙනවා.

  • අනාගත බලාපොරොත්තු මොනවද? 

අ.පො.ස  උසස් පෙළ විභාගයෙන් පසුව නිරූපණ ක්ෂේත්‍රයෙන්  ඉදිරියටම යන්න බලාපොරොත්තු වෙනවා.

Cover Concept by - ASHWARU

Pic  : Rushiru Colambathanthrige 

      

ලංකාව නියෝජනය කරමින් අංජලී IPR International  ලේකම් ධුරයට Read Previous

ලංකාව නියෝජනය කරමින් අංජලී IPR International ලේකම් ධුරයට

මහනුවර ඇසළ පෙරහැරේ තෙවන  රන්දෝලි පෙරහැර Read Next

මහනුවර ඇසළ පෙරහැරේ තෙවන රන්දෝලි පෙරහැර

Realted Post

Leave a comment