අඟහරු තරණයට සුදුසුකම් ලත් අපේ කෙල්ල

‘‘අඟහරු තරණයට ස්වේච්ඡා සේවකයින් නාසා ආයතනය සොයයි" මේ සඳහා නාසා ආයතනය අයදුම්පත් කැඳවා සුදුස්සන් තේරීමේ සම්මුඛ පරීක්ෂණයක් සිදු කිරීමට පසුගිය දිනවල තීරණය කර තිබුණු අතර ඒ සඳහා සුදුසුකම් ඇත්තේ එක්සත් ජනපද පුරවැසියන්ට පමණක් බව අභ්‍යවකාශ ඒජන්සිය වැඩි දුරටත් සඳහන් කර තිබුණි. ඔවුන් සෞඛ්‍ය සම්පන්න විය යුතුය. දුම් නොබොන වයස අවුරුදු 30-55 අතර විය යුතු බවද සඳහන් කර තිබූ අතර ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ප්‍රවීණයන් විය යුතු බවද කියා ඇත.

මෙය 2025 වසන්ත සමයේදී ආරම්භ කිරීමට නියමිත නාසා ආයතනයේ සැලසුම්ගත භූමි මෙහෙයුම්වල දෙවැන්න වන අතර, 2025 වසන්තයේ දී ආරම්භ කිරීමට සැලසුම් කර ඇති "Crew Health and Performance Exploration Analog (CHAPEA)" ව්‍යාපෘතිය වේ. ගෙවී ගිය අප්‍රේල් මස 2 දක්වා තිබූ කාල සීමාව අවසන් වීමට පෙර මේ සඳහා අයදුම් කිරීමට නාසා ආයතනය අයදුම්පත් නිකුත් කර තිබුණි.
එය හූස්ටන් හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පිහිටා ඇති Mars Dune Alpha නමින් හැඳින්වෙන වර්ග අඩි 1,700ක, 3D  වාසස්ථානයක් තුළ සිව් දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් වසරක් ජීවත් වී වැඩ කිරීමට කටයුතු කරන ව්‍යාපෘතියකි.
වාසස්ථාන, නාසා ආයතනයට අනුව සීමිත සම්පත් , සන්නිවේදන ප්‍රමාදයන්, උපකරණ අසාර්ථක වීම සහ අනෙකුත් පාරිසරික ආතතීන් වැනි අපහසුතා අඟහරු මෙහෙයුමට අභියෝගයන් වනු ඇත. මෙහෙයුමේ ස්වේච්ඡා කාර්ය මණ්ඩලය අභ්‍යවකාශ ඇවිදීම, වාසස්ථාන නඩත්තු කිරීම, රොබෝ මෙහෙයුම්, ව්‍යායාම සහ බෝග වර්ධනය වැනි කාර්යයන් භාරගෙන කටයුතු කරනු ලබයි.
මෙහෙයුම සඳහා සුදුසුම අපේක්ෂකයින් වන්නේ "අද්විතීය, ප්‍රතිලාභදායක වික්‍රමාන්විතයන්" සඳහා දැඩි ආශාවක් ඇති අය සහ "අඟහරු වෙත පළමු මිනිස් ගමන සඳහා සූදානම් වීම සඳහා නාසා ආයතනයේ කාර්යයට දායක වීමට උනන්දුවක්" ඇති අයයි.
අයදුම්පත් කැඳවීමෙන් අනතුරුව මෙම අභියෝගාත්මක වෘත්තීය සඳහා ඉහළ සුදුසුකම් ඇති සිව් දෙනෙකු තෝරා පත් කරගෙන තිබේ. එ'නමින් කොරියානු ජාතික සම්භවයක් ඇති ජේසන් ලී, ඇමරිකානු ජාතික ස්ටෙෆනි නෙවාරෝ, අරාබි ජාතික සම්භවයක් ඇති ෂරීෆ් අල් රොමයිති සහ පියුමි විජේසේකර යන අය වේ. HERA සඳහා ප්‍රථම වරට කාර්ය මණ්ඩල සාමාජිකයෙකු වන ෂරීෆ් අල් රොමයිති එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පැමිණි අතර නාසා සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මොහොමඩ් බින් රෂීඩ් අභ්‍යවකාශ මධ්‍යස්ථානය (MBRSC) අතර හවුල්කාරිත්වයක් හරහා මෙම මෙහෙයුමට සහභාගී වනු ඇත.
මෙහි විශේෂත්වය නම් හූස්ටන්හි ඒජන්සියේ ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ වාසස්ථානයක් තුළ අඟහරු මෙහෙයුමකට සහභාගී වීමට තෝරාගත් NASA හි සිව් දෙනෙකුගෙන් යුත් නව ස්වේච්ඡා කාර්ය මණ්ඩලය අතර ශ්‍රී ලංකේය සම්භවයක් ඇති පියුමි විජේසේකර ද සිටීමය.

ආචාර්ය පියුමි විජේසේකර යනු නාසා ඇමේස් පර්යෂණ මධ්‍යස්ථානයේ අභ්‍යවකාශ ජෛව විද්‍යා පර්යෂණ ශාඛාවේ විකිරණ ජෛව භෞතික විද්‍යාගාරයේ පශ්චාත් ආචාර්ය උපාධිධාරිනියකි.  ඇය පටක සහ ඉන්ද්‍රිය ඉංජිනේරු විද්‍යාව සහ පුනර්ජනනීය වෛද්‍ය විද්‍යාව පිළිබඳ අත්දැකීම් ඇති බහුවිධ පර් යේෂිකාවකි. ඇය සිය විද්‍යාවේදී උපාධිය 2015 දී කැලිෆෝනියා 'සැන් ඩියාගෝ' විශ්ව විද්‍යාලයෙන් හදාරා ඇති අතර ජෛව ඉංජිනේරු විද්‍යාව සහ ශාස්ත්‍රපති  සහ ආචාර්ය උපාධිය පිළිවෙළින් 2017 සහ 2022 දී 'කානගී මෙලන්'  විශ්වවිද්‍යාලයෙන් හදාරා ඇත. වත්මන කැලිෆෝනියාවේ සිලිකන් නිම්නයේ NASA Ames පර්යෂණ මධ්‍යස්ථානයේ විකිරණ ජෛව භෞතික විද්‍යාගාරයේ පශ්චාත් ආචාර්ය උපාධි පර්යෂණ විද්‍යාඥවරියක වන ඇය මිනිස් ශ්වසන පද්ධතියට අයනීකරණ විකිරණ සහ චන්ද්‍ර දූවිලි ඇතුළු අභ්‍යවකාශ පියාසර ආතතීන්ගේ බලපෑම්, විමර්ශනය කිරීම සඳහා පටක ආකෘති සංවර්ධනය කිරීම යන පර්යේෂණ සිදු කරනු ලබයි. ආචාර්ය විජේසේකර මහත්මිය දැනට ජීවත් වන්නේ 'සැන් ෆ්‍රැන්සිස්කෝ' හී ය. පවුලේ අය සහ මිතුරන් සමග කාලය ගත කිරීම, දිවීම, කියවීම, කඳු නැගීම, ආහාර පැන්ට්‍රියේ ස්වේච්ඡාවෙන් සේවය කිරීම සහ ප්‍රසංග සහ සංගීත සංදර්ශනවලට සහභාගී වීම ඇයගේ ප්‍රියතම විනෝදාංශයන්ය.

මෙතෙක් නාසා ආයතනය විසින් අඟහරු ග්‍රහයා ගවේෂණය සඳහා රොබෝ රෝවර් සහ හෙලිකොප්ටරයක් යවා ඇතත් තවමත් කිසිදු මිනිසකු ග්‍රහලෝකයට පා තබා නැත. 
වසරක් මුළුල්ලේ අඟහරු මත ජීවත් වීම වඩාත් අභියෝගාත්මක වන බව නොඅනුමානය.
රතු ග්‍රහලෝකය නමින් විරුදාවලිය ලත් අඟහරු ග්‍රහයා මත ෆැරන්හයිට් අංශක -225ක් තරම් අඩු උෂ්ණත්වය ගගනගාමීන්ට අහිතකර වීමට ඇති ඉඩ කඩ බොහෝ සෙයින් වැඩිය. අඟහරුගේ වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් සහ ආගන් වායූන් ඉහළ මට්ටමක පවතින අතර එමඟින් නිර්මාණය වන අඳුරු දූවිලි සහිත රතු අහස යට ඔවුනට වසරක කාලයක් ගත කිරීමට සිදු වනු ඇත. කෙසේ හෝ අපට අඟහරු ජනාවාස නැරඹීමේ කාලය හැකි ඉක්මනින් උදා වනු ඇත

පොතුකබර රෝගය සමග ඇතිවන සන්ධි ගත රෝග වලින් විදවන ඔබට ස්ථිර වූ සුවය ගෙන දෙන හෝමියෝපති ප්‍රතිකාර Read Previous

පොතුකබර රෝගය සමග ඇතිවන සන්ධි ගත රෝග වලින් විදවන ඔබට ස්ථිර වූ සුවය ගෙන දෙන හෝමියෝපති ප්‍රතිකාර

Office යන්න මෙහෙම අඳින්න Read Next

Office යන්න මෙහෙම අඳින්න

Realted Post

Leave a comment