කල්තොට දිය දහරාවේ සුන්දරත්වය සොයා

සොබා දහමට ළංව එය රසවිඳීමට හැකිවීමත් එක්තරා භාවනාවක්.  එයින් අපේ මනස සන්සුන් වී සහනයක් ලැබෙන බව නූතන වෛද්‍ය විද්‍යාවෙන් පවා පෙන්වා දෙන්නක්. අපේ රටේ පිහිටීම ගත්විට සොබා සෞන්දර්ය‍ය අතින් වඩාත් පොහොසත්.
මෙවර සිරිකත ට්‍රැවල් වෙතින් ඔබ වෙත ගෙන එන්නේ රුවන්පුර පිහිටි අති සුන්දර, කාගෙත් නෙත් සිත් පැහැරගත් බලංගොඩ ප්‍රදේශයේ පිහිටි "කල්තොට දිය දහරාව" ගැනයි. 

ඔබ කල්තොට ගමන ආරම්භ කරනවා නම් බලංගොඩ නගරයේ සිට කිලෝමීටර් 30න් ඔබට මෙම සුන්දර ස්ථානයට ළඟා වීමේ හැකියාව තිබෙනවා. තවදුරටත් මෙම ගමන් මාර්ගය විස්තර කරනවා නම් බලන්ගොඩ වේලි ඔය ප්‍රධාන බස් මාර්ගයේ ගොස් කල්තොට මංසන්ධියෙන් ප්‍රධාන බස් මාර්ගයට මුහුණලා මෙම නාන තොටුපොළ  ඔබට දැක ගන්නට පුළුවන්.


කල්තොට සුපැහැදිලි නිල්දිය දහරාව සුවිශේෂී වීමට තවත් හේතු රැසක් තියෙනවා. 
ඉන් එක් හේතුවක් නම් ඉතාම පහසුවෙන් ළඟාවීමේ මාර්ගය පැවතීම‍යි. ඒ වගේම මෙය ස්නානය වෙනුවෙන්ම සැකසුණු ස්වභාවික ස්ථානයක්.ලොකු කුඩා භේදයකින් තොරව ආරක්ෂිතව ඔබට රිසිසේ මෙම දිය දහරාවේ වින්දනය ලබා ගැනීමට පුළුවන්.

එපමණක් නොවේ මෙම දිය දහරාවේ රසය විඳින අතරතුර ඔබට  බොහෝ ප්‍රසිද්ධ ඓතිහාසික ස්ථාන නැරඹීමේ හැකියාවද පවතිනවා. 
ඒ අතර බුදුගල, කූරගල,මැද බැද්ද, හඳගිරිය, දූවිලි ඇල්ල , දියවින්න ඇල්ල, හුනුගල් පොකුණ වැනි ස්ථාන ඔබට පහසුවෙන් වැඳ පුදා ගැනීමට සහ නැරඹීමට අවස්ථාව තිබෙනවා. 

 මෙම ස්වභාවික ස්ථාන ඔබ රිසිසේ රස විඳිනවා සේම එහි සුන්දරත්වය තවත් කෙනෙකුට රසවිඳීමට හැකිවන පරිදි  පිරිසිදුව තබා  ගැනීමත් ඔබේ වගකීමක් බව අමතක කරන්න  එපා. 

සටහන: මහේෂානි මීගහපොල

විශේෂ ස්තුතිය : වෛද්‍ය  විදුර රත්නාකර

ශ්‍රී ලාංකේය කම්කරු ඉතිහාසය යනු දශක ගණනාවක් පුරා අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් ලේ, කඳුළ සහ දහඩිය හෙළූ අභිමානවත් අරගලයක කතාවකි. Read Previous

ශ්‍රී ලාංකේය කම්කරු ඉතිහාසය යනු දශක ගණනාවක් පුරා අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් ලේ, කඳුළ සහ දහඩිය හෙළූ අභිමානවත් අරගලයක කතාවකි.

නවතම අත්දැකීමක් හිමිකර දෙමින් Yazu ශ්‍රී ලංකාවේ දකුණු වෙරළට කැන්දන් එයි  Read Next

නවතම අත්දැකීමක් හිමිකර දෙමින් Yazu ශ්‍රී ලංකාවේ දකුණු වෙරළට කැන්දන් එයි 

Realted Post

Leave a comment