දුර්ලභ ’නිල් අවතාර’

හෙලීන් සුළි කුණාටුව උතුරු කැරොලිනාවේ ප්‍රදේශ විනාශ කර මාස අටකට පසු, ඔවුන්ගේ දුර්ලභම පදිංචිකරුවන් වන දිලිසෙන "නිල් අවතාර" ගිනි මැස්සන්  නැවත ගෙන්වා ගැනීමට එම  ප්‍රදේශවාසීන් බලාපොරොත්තුවෙන් සිටින බව බීබීසී පුවත් සේවය වාර්තා කරනවා. 

ඔබ මේ දිනවල  සිට ජුනි මැද භාගය දක්වා ඕනෑම වේලාවක බටහිර උතුරු කැරොලිනාවේ වනාන්තර හරහා නිහඬව ඇවිද ගියහොත්,  අද්භූත දසුනක් දැකගන්නට පුළුවන්.

ඒ වනාන්තර අභ්‍යන්තරයේ නිහඬව පාවෙන දුසිම් ගනනක් වූ කුඩා නිල් ආලෝකයන්ය. 

මෙම සතුන් "නිල් අවතාර" ගිනි මැස්සන් ලෙස හඳුන්වන ෆවුසිස් රෙටිකුලටා; දකුණු ඇපලචියන් කඳුකරයේ පමණක් සොයාගත හැකි දුර්ලභ ජෛව දීප්ති කුරුමිණි විශේෂයකි. 

සෑම වසන්තයකම දහස් ගණනක් ජනතාව මෙම ප්‍රදේශයට ආකර්ෂණය වන්නේ මෙම හේතුව නිසාවෙනි.  

උතුරු කැරොලිනාවේ කුඩා කලාත්මක නගරයක් වන ඇෂ්විල්, ගිනි මැස්සන් නරඹන්නන් සඳහා ප්‍රධාන දොරටුවක් වන අතර, අසල ඇති මහා දුම් කඳු ජාතික වනෝද්‍යානය, පිස්ගා ජාතික වනාන්තරය, ඩුපොන්ට් ප්‍රාන්ත විනෝදාත්මක වනාන්තරය සහ බටහිර උතුරු කැරොලිනාවේ සහ නැගෙනහිර ටෙනසිහි තවත් දැඩි වනාන්තර ප්‍රදේශ කිහිපයකට එම මාර්ගයන් ඔස්සේ  ප්‍රවේශය ලබා දෙයි. 

මෙම ප්‍රදේශය්න්හි සුළි කුණාටුවක් සිදු වූවද, මෙම ස්ථානයන්හි සංචාරයකයන් ඇදී ඒමේ සීඝ්‍රතාවය මේ වන විටත් වැඩි මට්ට්මක පවතියි. 

ලොව පුරා ගිනි මැස්සන් විශේෂ 2,400 කට වඩා සිටිනවා. 

නමුත් නිල් අවතාර ගිනි මැස්සන් දුර්ලභ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. 

කෙසේ වෙතත්, නිල් අවතාර, සාමාන්‍ය ගිනි මැස්සන් මෙන් නොව අඛණ්ඩ නිල් ආලෝකයක් නිකුත් කරයි. 

මෙම නිල් ගිනි මැස්සන් වනාන්තර තුළ සිදු කරන සන්දර්ශන හේතු කරන් ගනිමින් සංචාරකයින් බොහෝ පිරිස් එම සංදර්ශන නැරඹීමට මෙම ස්ථානයට ඇදී එන බවයි බීබීසී මාධ්‍ය තවදුරටත් පෙන්වා දෙන්නේ. 

සටහන - කසුනි විජේසිංහ 

බීබීසී වෙබ් අඩවිය ඇසුරින් 

ආසියාතික රටවල ගොඩක්ම අභියෝගයන්ට ලක් වෙන්නේ ගැහැනු දරුවන්... Read Previous

ආසියාතික රටවල ගොඩක්ම අභියෝගයන්ට ලක් වෙන්නේ ගැහැනු දරුවන්...

ඇස් පිහාටුවල ඝන ස්වභාවය ඉස්මතු කරන්නේ මෙහෙමයි Read Next

ඇස් පිහාටුවල ඝන ස්වභාවය ඉස්මතු කරන්නේ මෙහෙමයි

Realted Post

Leave a comment