මුහුදේ ගෙවෙන බජාව් ජීවිත

මෙලීසා ඉලර්ඩෝ  දක්වන්නේ බජාව් ගෝත්‍රික ජනයා වසර දහස් ගණනක් තිස්සේ නිවාස බෝට්ටු මත ජීවත් වෙමින් අග්නිදිග ආසියාවේ විවිධ තැන්වලට ජලය හරහා ගමන් කරන බවයි.

එහිදී ඔවුන් ගොඩබිමට පැමිණෙන්නේ බොහෝ කලකට පසුවයි. ඔවුන්ට හුස්ම රඳවා තබාගැනීමේ විශේෂ හැකියාවක් පවතින බවත් සඳහන් වේ. 


මොවුන් සාම්ප්‍රදායික ක්‍රමයට කිමිදෙන විට දිනකට පැය අටක් පමණ නැවත නැවතත් කිමිදෙන බව පැවසේ.  එනම් ඔවුන්ගේ කාලයෙන් 60%ක් පමණ ජලය යට ගත කරයි. එහිදී ඔවුන් මීටර් හැත්තෑවකට වඩා ගැඹුරකට කිමිදෙයි.

මෙහි ඇති විශ්මිත බව නම් ඔවුන් ගැඹුරු කිමිදුම් සිදු කරනු ලබන්නේ ලී ආවරණයක් හෝ ඇස් කණ්නාඩි සහ භාවිත කරනු ලබන  බරපටියක් සමග පමණි.

බජාව් ගෝත්‍රිකයින් පිළිබඳව තවදුරටත් සඳහන් වන්නේ ඔවුන්ට  මුහුදේ කිමිදීම සඳහා  ප්ලීහාව වර්ධනය කරගෙන ඇති බවයි. 

එනම් සාම්ප්‍රදායිකව ගොවිතැන් ජීවන රටාවක් ගත කරන අසල්වැසි කණ්ඩායමක් වන Saluan   ගෝත්‍රිකයන් සමඟ සංසන්දනය කළ විට, බජාවෝ ගෝත්‍රිකයන්ට සාමාන්‍යයෙන් 50% ක් විශාල ප්ලීහාවක් ඇති බව සොයා ගෙන තිබේ. 

සටහන : විශ්වනී හසලා

අඳුර මැදින් ආලෝකයට ජස්ටින් සහ හේලිගේ ජීවන පාඩම Read Previous

අඳුර මැදින් ආලෝකයට ජස්ටින් සහ හේලිගේ ජීවන පාඩම

නවතම අත්දැකීමක් හිමිකර දෙමින් Yazu ශ්‍රී ලංකාවේ දකුණු වෙරළට කැන්දන් එයි  Read Next

නවතම අත්දැකීමක් හිමිකර දෙමින් Yazu ශ්‍රී ලංකාවේ දකුණු වෙරළට කැන්දන් එයි 

Realted Post

Leave a comment