’’සුද්දො දෙකඩ කරපු මීයන් ඇල්ල.’’

සබරගමුව පළාත කියන්නේ ස්වභාව සෞන්දර්යෙන් අනූන පාරිසරික පද්ධතියක් කිව්වොත් මං හරි.දිය ඇලි,ජල උල්පත්,පොකුණු, වනාන්තර ,කදු වැටි වගේ සොබා නිර්මාණ වලින් ම සමන්විත මෙම පළාතට තවත් අපූර්වත්වයක් එක් කරන මීයන් ඇල්ල ගැනයි මේ කියන්න යන්නේ.

කෑගල්ල දිස්ත්‍රික්කයේ ඉහළ කෝට්ටේ තියෙන මේ සුන්දර දිය ඇල්ල අලගල්ල කන්දෙ හැලැංමැඩිත්ත  කියන ස්ථානයෙන් ආරම්භ වේ.

සියවස් ගණනාවක් තිස්සේ මීයන් ඇල්ල මහා දිය දහරක් විදිහට ගලා හැලුණත් ඉංග්‍රීසින් මෙරට පාලනය කරන ලද කාලයේ දී ඉදි කෙරුණු උඩරට දුම්රිය මාර්ගය අලගල්ල කන්ද හරහා ඉදි කිරිමේ දී ඇල්ල සහිත කන්ද ඔවුනට බාධාවක් විය.

මේ හේතූව නිසා ඔවුන්ට කන්ද තිරස් අතට හාරන්නට සිද්ධ විය.ඉන් පසු මීයන් ඇල්ලේ ජලය දුම්රිය මාර්ගය ට ගලා හැලීම නිසා ඉංජිනේරුවන්ට මීයන් ඇල්ල අඩ පණ කරන්න ට සිදු විය.


දිය ඇල්ලේ ඉහළ කොටසේ ශක්තිමත් බැම්මක් යොදා, අලගල්ල කඳු වැටියේ ගැඹුරු කැපුමක් යොදා ජලය දෙකඩ කරන්නට විය.


එතැන් සිට  මීයන් ඇල්ලේ විශාල දිය කද සිහින් දිය පහරවල් දෙකක් ලෙස ගලා යන්නට විය.දේශීය සංචාරකයින් අතර අතිශය ජනප්‍රිය මේ ඇල්ල වටා ගෙතුණු ඉතිහාස කතා නම් බොහොමයි.

මේ ඇල්ල නරඹන්න ගියොත් ඔබට ඒ අසළම සංගරාජ ලෙන ලෙස හදුන්වන ලෙනක් ඔබට දැකගන්න පුළුවන්.
ඒ ඉතිහාසයේ දී වැලිවිට සරණංකර හිමියන් කලකදී වැඩ වාසය කළ ලෙනක් බව ඉතිහාසය තුළ  දක්වයි.ඉහළ කෝට්ටේ ස්ටේෂන් එකෙන් බැහැලා මීයන් ඇල්ල ට පැමිණෙන ඔබට අතරමග ඇති පරිසරයේ සුන්දරත්වයත් විද ගන්න පුළුවන්.


ඇල්ලේ ජල  ගමන වෙනස් කරමින් ඉදි කරපු බිංගෙය  මගින් ගල් -පස්  ඉවත් කරලා හදපු කුඩා උමගක් තියෙනවා.ඒක හරිම දර්ශනීය ස්ථානයක් නිසා ඔබට මතක එකතු කර ගන්න කදිම ස්ථානයක්.

හැබැයි ලස්සන මතක එකතු කර ගන්න වගේ ම ඔබේ ආරක්ෂාව ගැනත් පරික්ෂා කාරී වෙන්න.මොකද දුම්රිය මාර්ගය හරහා ගමන් කරන විට ,ඇල්ලට ළගා වෙන කුහරය තුළ රැදෙන විටත් ඔබ සහ අනෙක් අයගේ ආරාක්ෂාව ගැනත් පරික්ෂා කාරී වන ගමන් මීයන් ඇල්ලේ සුන්දරත්වය විදින්න.


සටහන - දුල්ෂරා මධුවන්ති

Crimson Elegance Rukshana Read Previous

Crimson Elegance Rukshana

වියට්ජෙට් නොමිලේ ගමන් මලු පහසුකම් Read Next

වියට්ජෙට් නොමිලේ ගමන් මලු පහසුකම්

Realted Post

Leave a comment