අතරේ හොයනවා අප කවුරුද - හදවතේ ගී හඬක් නික්ම යයි.....
මොනතරම් ගීත නිර්මාණය වුණත් ඒ හැම ගීතයකටම කෙනකුගේ හිතේ සදාකාලිකවම ලැගුම් ගන්න බැහැ. නමුත් මේ කියන්න යන්නේ ඒ විදියට හිතේ ලැගුම් ගත් ආදරණීය හඬක නික්ම යෑමක් ගැනයි. ඔහු ගායනා කරන ගීත අදටත් අපි සියලු දෙනා අතර රැව්පිළි රැව් දෙන්නේ ඒ හඬ තවමත් අපි අතර ආදරණීය නිසා විය හැකියි.
රටක් ආදරය කළ ප්‍රවීණ ගායන ශිල්පියෙක් සහ සංගීතවේදියකු වූ සේනක බටගොඩ අද අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට වයස අවුරුදු 66 ක් වූ ඔහු රෝගී තත්වයක් හේතුවෙන් රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර අද පෙරවරුවේ මෙසේ මියගොස් තිබේ.
ඔහු අප අතරින් වියෝ වුවද සදා නොමැකෙන හඩක් ලෙස ඉතිරිකළ , අපි කවුරුද, අපි සැනසිල්ලේ, අළු යට ගිනි, හීනවලට පණක් තිබෙනවා, හොඳම දේ හා .සැනසෙන්නම්, ඇතුළු ගීත ගණනාවක නිර්මාණකරු වූ මේ කලාකරුවාණන්ට සිරිකත අපි නිවන් සුව ප්‍රාර්ථනා කරමු.
- නයනා උදයංගනී
 

                                            
                                            
                                                    
                                                    
                                                    
                                                                    
                                                                    
                                                                    
                                                                    
                                                                    
Leave a comment