අනු කනූගෙ හුටපටේ

සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය සොයුරියන් යුවළක් වූ අනුෂ්කී ප්‍රේමචන්ද්‍ර සහ කනුෂ්කී ප්‍රේමචන්ද්‍ර යන දෙදෙනා, ඔවුන්ට සම්බන්ධ වීඩියෝවක් ව්‍යාජ ලෙස නිර්මාණය වී අපහාසාත්මක ආකාරයෙන් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන බව කියමින්  පැමිණිල්ලක් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් තිබුණි.

මෙම අපහසුතාවයට මුහුණ දුන් සොහොයුරියන් දෙදෙනා පවසන්නේ අසභ්‍ය ලෙස ඇඳුම් උණා දමා නිරුවත පෙන්වන මෙම වීඩියෝව AI තාක්ෂණය උපයෝගී කරගනිමින් ව්‍යාජ ලෙස නිර්මාණය කළ එකක් බවයි. 

මේ හේතුව නිසා ඔවුන් දැඩි මානසික පීඩාවකට පත් වී සිටින බවද ඔවුන් මාධ්‍ය වෙත පවසා තිබුණි.

 වැඩිදුරටත් ඔවුන් එහිදී කියා සිටියේ අප සමග වෛරයකින් පසුවන විශේෂිත කණ්ඩායමක් මෙය කරන්නට ඇති බවයි. 

මෙම වීඩියෝ බෙදා හැරීම පිටුපස සිටින පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට CID විසින් ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, විවිධ සමාජ මාධ්‍ය වේදිකා තුළ එම වීඩියෝව බෙදාහරින අනෙකුත් පුද්ගලයන්ට එරෙහිවද ක්‍රියාමාර්ග ගන්නා බව අනුෂ්කී සහ කනුෂ්කී ප්‍රේමචන්ද්‍ර පවසයි.

පොදු ජන පෙරමුණෙන් ආසන සංවිධායකවරුන් රැසකට නව පත්වීම් Read Previous

පොදු ජන පෙරමුණෙන් ආසන සංවිධායකවරුන් රැසකට නව පත්වීම්

ඓතිහාසික ගලේවෙල බම්බාව රාජ මහා විහාරාධිපති ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමියෝ  අපවත්  වෙති Read Next

ඓතිහාසික ගලේවෙල බම්බාව රාජ මහා විහාරාධිපති ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමියෝ අපවත් වෙති

Realted Post

Leave a comment