අපේ උදව්වට ආ එයාලා දිවයිනෙන් පිටත් වෙයි

ශ්‍රී ලංකාවේ මානුෂීය මෙහෙයුම් සදහා පැමිණි ඇමෙරිකානු ගුවන් හමුදාවේ (C-130) ගුවන් යානයක් හා ඉන්දීය ගුවන් හමුදාවේ (MI-17) හෙලිකොප්ටර් යානයක් දිවයිනෙන් පිටව යයි.

දිට්වා සුළි කුණාටුවෙන් පසු අප රටට බලපෑ අපදා තත්වය හමුවේ සහන කටයුතු වලට සහාය වීම සඳහා ගුවන් මෙහෙයුම්, මුදවා ගැනිමේ හෙහෙයුම් හා සහන සේවා කටයුතු සඳහා මිත්‍ර රටවල් වලින් අප රටට ඉමහත් දායකත්වයක් ලබා දුන් අතර, පසුගිය 2025.12.07 වන දින සිට 2025.12.13 වන දින දක්වා සහන සේවා කටයුතු සඳහා ඇමෙරිකානු ගුවන් හමුදාවේ (C-130J) ගුවන් යානා දෙකක් සමග 60 දෙනෙකුගෙන් යුත් සහන සේවා කණ්ඩායමක් දිවයිනට පැමිණියේය. 

කටුනායක හා රත්මලාන ගුවන් හමුදා කඳවුරු වල සිට යාපනය, මත්තල, අම්පාර, අනුරාධපුරය යන ප්‍රදේශ වලට ගුවන් හෙහෙයුම් සිදු කරමින් ආපදාවට පත්ව සිටි ජනතාව සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ගුවනින් ප්‍රවාහනය කරමින් දැවැන්ත මානුෂීය මෙහෙයුමක් සිදු කල අතර අද (2025.12.14) දින එක් ගුවන් යානයක්, සහන සේවා කණ්ඩායමක් සමග දිවයිනෙන් පිටව යන ලදි.

තවද, ඉන්දීය ගුවන් හමුදාවේ (MI-17) හෙලිකොප්ටර් යානා දෙකක් මගින් අත්‍යවශ්‍ය සහන සැපයුම් ගුවනින් ප්‍රවාහනය, පීඩාවට පත් සිවිල් වැසියන් ඉවත් කිරීම සහ දැඩි ලෙස බලපෑමට ලක් වූ ප්‍රදේශවල ගලවා ගැනීමේ සහ සහන මෙහෙයුම් ඇතුළු වැදගත් මානුෂීය ගුවන් මෙහෙයුම් සිදු කර දිවයිනෙන් පිටව ගිය අතර, නැවත (MI-17) හෙලිකොප්ටර් යානයක් මෙම හෙහෙයුම් සඳහා (2025.12.08) දින එක් විය. මෙහෙයුම් කටයුතු අවසන් කරමින් (2025.12.14) දින එම හෙළිකොප්ටර් යානයද දිවයිනෙන් පිටව යන ලදී.

අප රට මුහුණ දුන් මෙම ව්‍යසනය හමුවේ ලබා දුන් මෙම ගුවන් සහයෝගය ජන ජීවිත යථාතත්වයට පත් කිරීම සඳහා මහත් පිටුවහලක් විය. 

මෙහෙයුම පුරාවට කැපවූ සේවය සහ සමීප සහයෝගීතාවය වෙනුවෙන් ඇමෙරිකානු හා ඉන්දීය ගුවන් කාර්ය මණ්ඩලයට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හි කෘතඥතාව පළ කිරීමට මෙන්ම සහන සේවා කණ්ඩායම් වලට සමුදීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතා සහ ගුවන් හමුදා ජේෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

මඩකලපුවේ කාන්තා ඝාතනයේ සැකකරුවන්ට නීතීඥ සහාය නොදෙන්නැයි බලකර  විරෝධතාවයක්.. Read Previous

මඩකලපුවේ කාන්තා ඝාතනයේ සැකකරුවන්ට නීතීඥ සහාය නොදෙන්නැයි බලකර විරෝධතාවයක්..

පවුල් සංස්ථාවක ගැටුම් කලාත්මකව පෙන්නවා... Read Next

පවුල් සංස්ථාවක ගැටුම් කලාත්මකව පෙන්නවා...

Realted Post

Leave a comment