අම්බොක්ක ශ්‍රී පත්තිනි මහා දේවාලයේ ඇසළ පෙරහැර

මාතලේ ඓතිහාසික අම්බොක්ක ශ්‍රී පත්තිනි මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය මෙවරද අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

ඇතුල් පෙරහැර, කුඹල් පෙරහැර සහ රන්දෝලි පෙරහැර ඇතුළු චාරිත්‍රානුකූල පෙරහැර මාලාවකින් සමන්විත වූ මෙම මංගල්‍යය නැරඹීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් බැතිමතුන් හා ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ.

රන්දෝලි පෙරහැරෙන් අනතුරුව දිය කැපීමේ චාරිත්‍රය සිදුකර දහවල් පෙරහැර පැවැත්වීමට කටයුතු යොදා තිබූ අතර, දහවල් පෙරහැර දේවාලයට ගෙවදීමෙන් අනතුරුව මෙවර ඇසළ පෙරහැර මංගල්‍යයේ කටයුතු නිමාවට පත්විය.

අම්බොක්ක ශ්‍රී පත්තිනි මහා දේවාලයේ බස්නායක නිලමේ රයන් වලිසුන්දර මහතාගේ මෙහෙයවීමෙන් පැවැති මෙම පෙරහැර මංගල්‍යයට නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් බියන්විල යන මහත්වරුන් ඇතුළු ආරාධිත අමුත්තන් සහ බැතිමතුන් පිරිසක් එක්ව සිටියහ.

මාතලේ මහේෂ් කිර්තිරත්න

අලුත් දෑ තනන දරුවන් බිහිකිරීම රටේ අනාගතය ගොඩනැගීමයි Read Previous

අලුත් දෑ තනන දරුවන් බිහිකිරීම රටේ අනාගතය ගොඩනැගීමයි

පොල් වතුර අහක දාන්න එපා Read Next

පොල් වතුර අහක දාන්න එපා

Realted Post

Leave a comment