අමාත්‍ය ගමගෙදර දිසානායක මාතලේ ගියේ ඇයි?

අධ්‍යාපන සේවකයින්ගේ සමූපකාර ණය දෙන සමිතියේ (EDCS) මාතලේ දිස්ත්‍රික් නව කාර්යාලය විවෘත කිරීම හා මහසභා නියෝජිතයින් සමඟ නව වැඩකටයුතු ආරම්භ කිරීමේ උත්සවය පසුගිය දා සිදුවිය. 

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා සහභාගී වූ අතර, නාවුල ශ්‍රීනාග ජාතික පාසලේ ආචාර්ය පූජ්‍ය මල්පානේ විමලානන්ද ස්වාමීන්වහන්සේ, ලංකා ගුරු සේවා සංගමයේ මාතලේ දිස්ත්‍රික් ලේකම් කමල් ගුණවර්ධන, මධ්‍යම පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී.ඩී. විමලවීර මහත්ම මහත්මීන් ඇතුළු EDCS සේවා මඩුල්ලේ සාමාජික සාමාජිකාවන් පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.

මාතලේ මහේෂ් කිර්තිරත්න 

මැණික්හින්න ශ්‍රී සිද්ධාර්ථ පොත්ගුල් විහාරයේ නව කෞතුකාගාරය විවෘත කිරීම Read Previous

මැණික්හින්න ශ්‍රී සිද්ධාර්ථ පොත්ගුල් විහාරයේ නව කෞතුකාගාරය විවෘත කිරීම

මනසට සැනසීමක් ගේන  ආශිර්වාදය, එන්න යන්න පාසිකුඩා Read Next

මනසට සැනසීමක් ගේන ආශිර්වාදය, එන්න යන්න පාසිකුඩා

Realted Post

Leave a comment