අලුත්නුවර දැඩි මුණ්ඩ දේවාලයේ සිට කප රැගත් පෙරහැර මහනුවරට.....

මහනුවර ඇසළ පෙරහැරට කප්  සිටුවීමට ,අලුත්නුවර දැඩි මුණ්ඩ දේවාලයේ සිට  කප රැගත් පෙරහැර මහනුවරට.....

මහනුවර ඓතිහාසික  ඇසළ මහා  පෙරහැරට  චාරිත්‍රානූකූලව  කප් සිටුවීම  සඳහා,ඓතිහාසික  අළුත් නුවර  ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලයේ සිය  "  කප  '"   රැගත් ඓතිහාසික  පෙරහැර මහනුවර  ඓතිහාසික ශ්‍රී විශ්ණු මහා  දේවාලය වෙත  12  වන  දින අළුයම  වැඩම  කල  අවස්ථාව,

පුරාණ රජ දවසේ සිට සිදු කෙරෙන මෙම  චාරිත්‍රය  නැකත්  අනුව සිදු කෙරෙයි,මහනුවරට  පෙරහැරෙන් වැඩම කරවන  "  කප   "  මහනුවරදී ශ්‍රී විෂ්ණු මහා දේවාලයට ගෙවදීමෙන්  අනතුරුව විශ්ණු දේවාලයේ බස්නායක නිළමේ  තැන්පත් මහේන්ද්‍ර   රත්වත්තේ නිළමේ  ප්‍රමුඛ දේවාලයේ රාජකාරී නියුතු කපු මහත්වරුන් විසින්,දේවාල පරිශ්‍රයේ  පිහිටි පල්ලේ දේවාලය හෙවත් ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලයේ තැන්පත් කෙරෙයි.

ඡායාරූප  විස්තර.. උඩුවියන් සහිතව පෙරහැරේ කප් රැගෙන  එන අන්දම...

ජේ ඒ එල්  ජයසිංහ 

තදබදයෙන් ඔබ්බට. බන්ධනාගාර පද්ධතියේ සැඟවුණු අර්බුදය Read Previous

තදබදයෙන් ඔබ්බට. බන්ධනාගාර පද්ධතියේ සැඟවුණු අර්බුදය

වීර පුරන්අප්පු 178 වැනි ගුණානුස්මරණයට Read Next

වීර පුරන්අප්පු 178 වැනි ගුණානුස්මරණයට

Realted Post

Leave a comment