අ‘පුර-මිහින්තලේ වන්දනාවේ යන්න නොමිලේ දුම්රිය පහසුකම්

පොසොන් පොහොය නිමිත්තෙන් අනුරාධපුරය හා මිහින්තලේ අතර නොමිලේ ගමන් කිරීමට හැකි පොසොන් දුම්රිය අද ධාවනය කිරීමට නියමිතයි. 

 


එම දුම්රිය අද (09) දහවල් 12. 30 සිට ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ. 

අද සිට 11 දක්වා ධාවනය කෙරෙන මෙම විශේෂ පොසොන් දුම්රිය ගමන් වාර 36 ක් ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය සදහන් කරනවා. 

පෞද්ගලික ආයතනයක් මගින් මෙම විශේෂ දුම්රිය සදහා පූර්ණ වියදම් දරණ බැවින් බැතිමතුන්ට අනුරාධපුර සිට මිහින්තලේ දක්වා නොමිලේ ගමන් කිරීමට අවස්ථාව සැලසී ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසා තිබෙනවා.

සටහන - කසුනි විජේසිංහ 

ලංකාදීප වෙබ් අඩවිය ඇසුරින් 

යාපහුව රාජධානියේ ඉපැරණි බලකොටුව ඇතුළු පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීමට පියවර Read Previous

යාපහුව රාජධානියේ ඉපැරණි බලකොටුව ඇතුළු පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීමට පියවර

මැණික්හින්න ශ්‍රී සිද්ධාර්ථ පොත්ගුල් විහාරයේ නව කෞතුකාගාරය විවෘත කිරීම Read Next

මැණික්හින්න ශ්‍රී සිද්ධාර්ථ පොත්ගුල් විහාරයේ නව කෞතුකාගාරය විවෘත කිරීම

Realted Post

Leave a comment