ආදරණීය බූරු පැටියෝ ඔයාට සුබ ගමන්....

අපේ ළමාවියේ ලස්සන මතක ගොන්නක් එකතු කළ, අදටත් අපි ආදරයෙන් මතක් කරන, අතිශය ජනප්‍රියත්වයට පත්වූ SHREK චිත්‍රපට මාලාවේ බූරුවාගේ චරිතය නිර්මාණය සඳහා පාදක කරගත් perry නම් බූරුවා මියගොස් ඇතිබව වාර්තා වේ. මේ ආදරණීය යාළුවා මියයන විට එයාගේ වයස අවුරුදු 30ක් බවත් කැලිෆෝනියාවේ දී මරණයට පත්ව ඇතිබවත් සඳහන් වේ.
Perry ට තිබු ආතරයිටීස්, තත්ත්වය, මස්පිඩු දියවීම වැනි රෝගාබාද කිහිපයක් නිසා ජීවත්වීම සඳහා කල විශාල සටනකින් පසු 30 හැවිරිදි perry මෙලෙස ජීවිතයට සමුදී ඇතිබව බැරන් පාක් බූරු ව්‍යාපෘතියේ ප්‍රධාන හසුරුවන්නා වන ජෙනී කිරත්ලි පවසයි.

  • නයනා උදයංගනී

නාම පද හරි ලේසි! 5 ශ්‍රේණියට සුපිරි ක්‍රමයක් Read Previous

නාම පද හරි ලේසි! 5 ශ්‍රේණියට සුපිරි ක්‍රමයක්

ඓතිහාසික කෝට්ටේ රජමහා විහාරයේ  සත්මහල් සදහම් මන්දිරයට මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කිරීම Read Next

ඓතිහාසික කෝට්ටේ රජමහා විහාරයේ සත්මහල් සදහම් මන්දිරයට මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කිරීම

Realted Post

Leave a comment