ඇතැම් පානීය ජල බෝතල් වල ජලය පාවිච්චි කිරීම ජනතාවගේ සෞඛ්‍යයට තර්ජනයක්

ශ්‍රී ලංකාවේ වෙළද පොල තුල ඇති ප්ලාස්ටික් බෝතල් තුල ඇසුරුම් කරන ලද ඇතැම් පානීය ජල බෝතල් තුල ඇත්තේ කිසිදු  ජීව ගුණයක් නොමැති මැරුණු ජලය  බව  ,මධ්‍යම  පලාත් පානීය  ජලබෝතල්  නිෂ්පාදකයන්ගේ සංඟමයේ කැඳවුම්කරු සපුමල්  කුමාර  මහතා   පවසයි.

මහනුවර  පැවති  සාකච්ඡාවකදී  වැඩි දුරටත්  කරුණු අනාවරණය කල    ඒ  මහතා  මෙසේද කීය  

වෙළඳ පොලේ අළෙවි කෙරෙන ඇතැම් පානීය ජල බෝතල් වල ජලය පානය කිරීමෙන් ජනතාවගේ සෞඛ්‍යටද දැඩි තර්ජන එල්ල වනවා , මහජනතාව බීමට  ගන්නා පානීය ජල බෝතල් වල ජලය පිළිබඳව සෞඛ්‍ය අංශ සහ පාරිභෝගින අධිකාරිය ඇතුලු අංශ විශේෂ අවධානයක් යොමු කල යුතුයි.

ඇතැම් පානීය ජප බෝතල් තුල සැඟවී  ඇත්තේ ජනතාවගේ  ජීවිත වලට රතු එළි දැල්වීමක්.

ජලය  පිරිසිදු කිරීමට ආර් ඕ   ක්‍රමය යොදා ගැනීමෙන් වෙළඳ පොලේ  ඇතැම් පානීය ජල බෝතල් තුල ඇත්තේ මැරුණු ජලය  බවද , ජල බෝතල් නිෂ්පාදකයන්ගේ සංඟමයේ  කැඳවුම් කරු , සපුමල්  කුමාර මහතා  අවධාරණය  කළේය.

ජේ ඒ එල්  ජයසිංහ

හවුස් ඔෆ් ඩ්‍රැගන් මකරකුගේ නමින් කටුසු විශේෂයක් Read Previous

හවුස් ඔෆ් ඩ්‍රැගන් මකරකුගේ නමින් කටුසු විශේෂයක්

මීලඟ අදියරට පිවිසෙන Richard Pieris Securities Read Next

මීලඟ අදියරට පිවිසෙන Richard Pieris Securities

Realted Post

Leave a comment