ඇසල පෙරහැරයි - සිතුවම් පෙළහරයි

මහනුවර ඇසල පෙරහැර මංගල්‍යයට සමගාමිව පවත්වනු ලබන “ ඇසල පෙරහැරයි - සිතුවම් පෙළහරයි   සිතුවම් දැක්ම ”චිත්‍ර ප්‍රදර්ශණයේ සමාප්ති අවස්ථාව ශ්‍රී දළදා මාලිගාවේ රන් ආවුද මණ්ඩප පරිශ්‍රයේදී පසුගිය දා පැවැත්විය.

   වයස කාණ්ඩ 6ක් යටතේ සිතුවම්  5000කට ආසන්න ප්‍රමාණයක් මෙවර මෙම සිතුවම් දැක්ම සදහා ලැබී තිබූ අතර, නිර්මාණ ඉදිරිපත් කළ සියලු දෙනාට  සහතික පත්‍ර ලබාදීමට කටයුතු කර තිබුණි. සියලු  කාණ්ඩ ආවරණය වන පරිදි  නිර්මාණ 18ක් ජයග්‍රාහී නිර්මාණ වශයෙන් තෝරා පත්කරගැනීම    මෙහිදී සිදු වූ  අතර, මහනුවර මගුල් මඩුවේ දී තෝරා ගත් සිතුවම් 300 ක් ප්‍රදර්ශනය කිරීම ද සිදුවිය.  
   මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙහි  සමාප්ති උළෙල සදහා ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, මහනුවර දිස්ත්‍රීක් ලේකම් චන්දන තෙන්නකෝන් යන මහත්වරුන් ඇතුලු පිරිසක් ද එක් විය

ආලින්දයේ සිනමාවට එක්වූ විශ්වීය ආදරයේ මිහිරිතම සත්සර සිහිනය: ’’ඇත්තමයි මං ඔයාට ආදරෙයි’’ Read Previous

ආලින්දයේ සිනමාවට එක්වූ විශ්වීය ආදරයේ මිහිරිතම සත්සර සිහිනය: ’’ඇත්තමයි මං ඔයාට ආදරෙයි’’

පොදු ජන පෙරමුණෙන් ආසන සංවිධායකවරුන් රැසකට නව පත්වීම් Read Next

පොදු ජන පෙරමුණෙන් ආසන සංවිධායකවරුන් රැසකට නව පත්වීම්

Realted Post

Leave a comment