ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට 

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි
ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී  එයාර් චීෆ් මාෂල් අමර් ප්‍රීත් සිං (Air Chief Marshal Amar Preet Singh) මහතා තෙදින නිල සංචාරයක් සඳහා පසුගිය දා (18) රාත්‍රියේ දිවයිනට පැමිණියේය. ඒ මහතා මැයි මස 21 වන දින දක්වා දිවයිනේ රැඳී සිටීමට නියමිතය.

ඒ මහතා අද පෙරවරුවේ බත්තරමුල්ලේ පිහිටි ඉන්දීය සාම සාධක බලකා ස්මාරකය (IPKF Memorial) වෙත පුෂ්පෝපහාර දැක්වීය. අනතුරුව ගුවන් හමුදා මූලස්ථානය වෙත පැමිණි ඒ මහතාව සම්මාන මුර පෙළපාලියක් මඟින් පිළිගන්නා ලදී. පසුව දෙරටේ ගුවන් හමුදාපතිවරුන් අතර නිල හමුවක් පැවැත්වුණු අතර, ඒ මහතා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සහ ආරක්ෂක ලේකම්වරයා ද හමුවිය. මෙම සංචාරය දෙරට අතර පවතින දිගුකාලීන ආරක්ෂක සබඳතා සහ අන්‍යෝන්‍ය මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් සංවිධානය කර ඇත.

තවද, මෙම සංචාරය අතරතුරදී ඒ මහතා ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගාව වැඳපුදාගෙන ආශීර්වාද ලබා ගැනීමටත්, යුද සහ නාවික හමුදාපතිවරුන් හමුවීමටත් නියමිතය.

හවුස් ඔෆ් ඩ්‍රැගන් මකරකුගේ නමින් කටුසු විශේෂයක් Read Previous

හවුස් ඔෆ් ඩ්‍රැගන් මකරකුගේ නමින් කටුසු විශේෂයක්

2026 ලොව කැතම සුනඛයා ‘ජිනී ලූ’ Read Next

2026 ලොව කැතම සුනඛයා ‘ජිනී ලූ’

Realted Post

Leave a comment