ඒත් මං ආදරෙයි....

අද ගොඩක් සතුටු හිතෙන දවසක්.. අද මම දන්නවා උසස්පෙළ ප්‍රතිඵල  එනවා කියලා. කොහොම හරි මගේ ආසාව වුණේ රජයේ විශ්ව විද්‍යාලයකට ඇතුලත් වෙන්න... 

හිතුවා වගේම රෑ 8.30ට විතර ප්‍රතිඵල නිකුත් වුණා... මම කලා විෂය ධාරාවෙන් තමයි උසස් පෙළ කරේ ඒ වගේම හිතුන විදියට ඉහළ සාමාර්ථයක් එක්ක මම සමත් වෙලා තිබ්බා... 

ට්‍රිං... ට්‍රිං... ට්‍රිං...

"හලෝ මගේ සුදු මැණික කොහොමද රිසල්ට්ස්... මම නම් ජපුරට සිලෙක්ට් වෙයි... මම දන්නවා ඔයත් උඩින්ම පාස් ඇති නේද?...." 

අම්මාගේ අඩි සද්දෙට මට ක්ෂණයෙන් කෝල් එක කට් කරා... 

"මොකද මෙතන අරන්නේ දෝණී අන්න ඩැඩී බලන් ඉන්න්වා පල්ලෙහාට වෙලා ඔයා එනකම්... රෑට ඩිනර් එකකට එළියට යන්න ඕන කිව්වා"


"හරි අම්මා මම එන්නම් කියන්න"


මට කෝල් කරේ ඩිලාන් එයා වාණිජ අංශයෙන් තමයි උසස් පෙළ කළේ. මම කලා අංශයෙන් උසස් පෙළ කරා. 

මගේ හිතට ගොඩක් සතුටු හිතුනට එක පැත්තකින් දුකත් හිතුනා... අපි දෙන්නාගේ සම්බන්දෙට කොච්චර ගෙදරින් අකමැති වෙනද කියනවා නම්... අපි දෙන්න එකම කැම්පස් එකට යනවටවත් අපේ ගෙදර අය කැමති වුණේ නැහැ.


ඩිලාන් ගොඩක් දුප්පත් පවුලක කෙනෙක්... එයාගේ තාත්තා නැහැ. අම්ම විතරයි ඉන්නේ. ඩිලාන්ට උගන්නන්න ඒ අම්මා නොවිඳිනා දුක් වින්දා. අපේ පවුලේ අය මාන්නයෙන් ඉන්න නිසා එයාලාට කැමති වුණේ නැහැ. 

ඒත් මම දන්නවා මම ඩිලාන්ට ගොඩක් ආදරෙයි... මට එයාව අමතක කරන්නත් බැහැ අතාරින්නත් බැහැ... මේ සම්බන්දේ ගෙදරට අහු වුණු දවසේ ගෙදර මිනිස්සු හැසිරුණු විදියට මට ගෙදර අය ගැන පුදුම කළකිරීමක් ඇති වුණේ... 


කොහොමින් කොහොම හරි මට අවශ්‍යතාවය තිබ්බේ ඩිලාන්ව කැම්පස් යන්න කළින් හම්බෙන්න. එදා මම පුදුම අමාරුවෙන් ගෙදරින් පැනගත්තේ... එදා හරි ලස්සන දවසක් වුණා... 


මතු සම්බන්දයි.....

කසුනි විජේසිංහ 

ආලින්දයේ සිනමාවට එක්වූ විශ්වීය ආදරයේ මිහිරිතම සත්සර සිහිනය: ’’ඇත්තමයි මං ඔයාට ආදරෙයි’’ Read Previous

ආලින්දයේ සිනමාවට එක්වූ විශ්වීය ආදරයේ මිහිරිතම සත්සර සිහිනය: ’’ඇත්තමයි මං ඔයාට ආදරෙයි’’

වැළිකඩ බන්ධනාගාරයේ රැඳවියන්ගේ දරුවන් වෙනුවෙන් විශේෂ මුල් ළමාවිය සංවර්ධන වැඩසටහනක් ඇරඹේ Read Next

වැළිකඩ බන්ධනාගාරයේ රැඳවියන්ගේ දරුවන් වෙනුවෙන් විශේෂ මුල් ළමාවිය සංවර්ධන වැඩසටහනක් ඇරඹේ

Realted Post

Leave a comment