ඓතිහාසික අම්බොක්ක ශ්‍රී පත්තිනි මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර

මාතලේ ඓතිහාසික අම්බොක්ක ශ්‍රී පත්තිනි මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය මෙවරත් සැප්තැම්බර් 12 වැනිදා සිට 28 වැනිදා දක්වා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඒ අනුව සැප්තැම්බර් 12 සිට 16 දක්වා ඇතුල් පෙරහැර පැවැත්වෙන අතර, සැප්තැම්බර් 17 සිට 22 දක්වා කුඹල් පෙරහැර පැවැත්වීමට නියමිතය.

අනතුරුව සැප්තැම්බර් 23 සිට 27 දක්වා රන්දෝලි පෙරහැර පැවැත්වෙන අතර, සැප්තැම්බර් 28 වැනිදා දිය කැපීමේ චාරිත්‍රයෙන් අනතුරුව දහවල් පෙරහැර පැවැත්වීමට නියමිතව ඇත.

දහවල් පෙරහැර දේවාලයට ගෙවදීමෙන් අනතුරුව මෙවර ඇසළ පෙරහැර මංගල්‍යයේ කටයුතු නිමාවට පත්වන බව අම්බොක්ක ශ්‍රී පත්තිනි මහා දේවාලයේ බස්නායක නිලමේ රයන් වලිසුන්දර මහතා පැවසීය.

ඓතිහාසික හා ආගමික වටිනාකමකින් යුත් අම්බොක්ක ශ්‍රී පත්තිනි දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍යය නැරඹීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් බැතිමතුන් හා ජනතාව විශාල පිරිසක් එක්වීමට නියමිතය.

මාතලේ මහේෂ් කිර්තිරත්න 

මහනුවර දළදා පෙරහැර අවසානයේ වස් දොස් දුරු කිරීමේ මංගල්‍ය Read Previous

මහනුවර දළදා පෙරහැර අවසානයේ වස් දොස් දුරු කිරීමේ මංගල්‍ය

ඓතිහාසික අම්බොක්ක ශ්‍රී පත්තිනි මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර Read Next

ඓතිහාසික අම්බොක්ක ශ්‍රී පත්තිනි මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර

Realted Post

Leave a comment