ඓතිහාසික බම්බාව රාජමහා විහාරාධිපති ධූරය අස්ගිරි පාර්ශවයේ පූජ්‍ය කුඹුක්කඳන්වල ප්‍රඤ්ඤාරතන හිමිට
ඓතිහාසික රාජපූජිත බම්බාව රාජ මහා විහාරයේ අභිනව විහාරාධිපති ලෙස ,සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ ජේය්‍ය්ෂ්ඨ කාරක සංඝ සභික , විශ්‍රාමික ගුරු ,ශාස්ත්‍රවේදී කුඹක්කඳන්වල ශ්‍රී පඤ්ඤාරතන හිමිපාණන් මහන්සේ , අස්ගිරි මහා විහාර පාර්ශවයේමහා නායක , වරකාගොඩ ශ්‍රී ඤාණරතන හිමි පාණන් වහන්සේ ප්‍රමුඛ අස්ගිරි මහා විහාරයීය කාරක මහා සංඝ සභාව විසින් පත්කර තිබේ.
අස්ගිරි මහා විහාරයීය මංගල උපෝෂතාගාරයේදී ,අභිනව බම්බාව රාජමහා විහාරාධිපති පදවියේ ශ්‍රී සන්නස් පත්‍රය ,අස්ගිරි මහා නායක හිමි පාණන් වහන්සේ විසින් ,කුඹුක්කඳන්වල ශ්‍රී පඤ්ඤාරතන හිමියන් වෙත ප්‍රදානය කල අවස්ථාව..
ජේ ඒ එල් ජයසිංහ

Leave a comment