ශ්‍රී දළදා වහන්සේට පූර්ණ රන් කරඬුවක්

ශ්‍රී දළදා  වහන්සේ වැඩ සිඳුවා තැබීම සඳහා රත්‍රන් කරඬුවක් පූජාවක් ලෙස ලැබුණු බව දළදා වහන්සේගේ භාරකාරත්වය හිමිව ඇති මල්වතු අස්ගිරි මහා නාහිමි පාණන්වහන්සේලා දෙපල  සහ ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් සංදේශයක්  මගින් බෞද්ධ කටයුතු කොමසාරිස් වරයා වෙත දැනුම් දී ඇත.

තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහානායක වරකාගොඩ ශ්‍රී ඤාණරතන  අස්ගිරි මහානායක සහ නිලංග දෑල මහතා මෙම සංදේශයට  අත්සන් කර තිබේ.

ඇතුල්කෝට්ටේ කමන්ත අමරසේකර මහතා ඇතුලු පවුලේ ඥාතීන් සහ හිතවතුන් විසින් රන් කරඬුව පූජා කිරීම සඳහා ඉල්ලීමක් කර අමරසේකර මහතාගේ පූර්ණ මුල්‍ය දායකත්වයෙන් ශ්‍රී දළදා වහන්සේගේ භාරකාරත්වයේ අනුමැතිය  සහිතව  මෙම රන් කරඬුව පූජා කරන ලද බව ,බෞද්ධ කටයුතු කොමසාරිස් වරයාට  යවන ලද සංදේශයේ සඳහන් කර ඇත.

පූජා කරන ලද රත්‍රන් කරඬුවේ මැණික් ස්වර්ණාභරණ අධිකාරිය විසින් සහතික කරන ලද වාර්තාවට  අනුව රත්‍රන් ප්‍රමාණය කිලෝ ග්‍රෑම්  65 .224 කි,එහි විවිධ මැණික් ගල් වල බර කිලෝග්‍රෑම් 20. 822 කි, කරඬුවේ සම්පූර්ණ බරකිලෝ ග්‍රෑම්  86  .  04 කි.

දළදා වහන්සේ මෙතෙක් වැඩ හිඳින ලද සුවිශේෂී ඓතිහාසික වටිනාකමක් ඇති රන් ආලේපිත රිදී කරඬුව සුරක්ෂිත කර එහි ඇති  අනන්‍යතාවය ආරක්ෂා වන ආකාරයට ශ්‍රී දළදා මාළිගාවේ වැඩසිටින,මාළිගා⁣වේ අභ්‍යන්තරයේ  තැන්පත්  කර ආරක්ෂා කිරීමට  පියවර ගෙන ඇති බව  දළදා වහන්සේගේ භාරකාරීත්වය   බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් වරයාට යැවූ ලිපියේ සඳහන්ය,

දළදා වහන්සේ  වැඩසිටින මෙම රන් ආලේපිත රිදීමය මහකරඬුව දෙවන විමලධර්ම සූරිය රජතුමා විසින් ඉදිකිරීමට ආරම්භ කර ,කීර්තී ශ්‍රී රාජසිංහ රජ දවසේ සම්පූර්ණ කර පූජා කරන ලද බම ඉතිහාස ගත වාර්තාවල සහ මහාවංශයේද සඳහන් වෙය.

ජේ.ඒ.එල්. ජයසිංහ

තක්කාලි වලින් රූ සත්කාර Read Previous

තක්කාලි වලින් රූ සත්කාර

ශ්‍රී දළදා වහන්සේට පූර්ණ රන් කරඬුවක් Read Next

ශ්‍රී දළදා වහන්සේට පූර්ණ රන් කරඬුවක්

Realted Post

Leave a comment