දුෂ්කරවූ විල්ගමුවට සිසු සැරිය බස් දෙකක්
මධ්‍යම පලාතේ ඉතා දුෂ්කර වූ විල්ගමුව ,ගොඩඋල්පත ප්‍රදේශයේ දරුවන්ට,මධ්‍යම පලාත් සභාවේ මාර්ගස්ථ මගී ප්‍රවාහණ අධිකාරිය මගින්,සිසුසැරිය පුද්ගලික පාසැල් ප්‍රවාහණ බස් රථ දෙකක් පසුගියදා ලබාදීම සිදු කෙරිණි.
මාර්ගස්ථ මගී ප්‍රවාහණ අධිකාරියේ සභාපති අජිත් ප්‍රියන්ත මහතාගේ විශේෂ උපදෙස් මත , ගොඩඋල්පත ගම්මානයේ ගොවි ජනතාවගේ දරුවන්ට විල්ගමුව නගරයේ ප්‍රධාන පාසැල් වෙත යාමට මෙම සිසු සැරිය බස්රථ දෙක ලබාදීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ ගොවි ජනතාව සිය ප්‍රසංසාව පලකළහ,
මෙම නව සිසු සැරිය පුද්ගලික පාසැල් ප්‍රවාහණ බස් දෙක ,සිසුන්ගේ සේවාවට ලබාදීමේ අවස්ථාවට,මධ්‍යම පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහණ අධිකාරියේ සභාපති අජිත් ප්‍රියන්ත ,ප්‍රවාහණ අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඩී එම් ,බස්නායක ,විල්ගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති නිශාන්ත ප්‍රදීප්,ප්‍රවාහණ අධිකාරියේ විමර්ශණ නිලධාරී සම්පත් සමරකෝන් යන මහත්වරුද,ප්‍රදේශයේ පාසැල් දරුවන් සහ ප්‍රදේශවාසීන්ද සහභාගි වූහ.
ජේ.ඒ.එල්. ජයසිංහ

Leave a comment