එදා රෑ, 18 එනවා

ලාංකීය ගී  කෙතට ගී මල් වර්ෂාවක්  එක්කරමින් විරහව කැටිකල මිහිරි ගී නදින්  යෞවනයේ රසික හදවත් මෝහනය කළ  මිල්ටන් මල්ලවආරච්චි නම්වූ සොඳුරු ගායක කලාකරුවා පිය නැගූ ජීවන මංපෙත විවර කරමින්, සම්මානනීය නිර්මාණවේදි අරුණ  ජයවර්ධන අධ්‍යක්ෂණය කල  එදා රෑ සංගීතමය සිනමා කාව්‍යය  සැප්තැම්බර් 18 වන දින සිට දිවයින පුරා සිනමා ශාලාවන් හි තිරගත වීමට නියමිතව ඇත.

මිල්ටන්ගේ ගී ප්‍රසංගයක රසාස්වාදය  ප්‍රේක්ෂකයාට ලබා දෙන මෙහි ඔහු ගැයූ ජනප්‍රිය ගීත 26 ඇතුළත්ව ඇත .ගීත ගායනයෙන් රනිල් මල්ලවආරච්චි,  පවන් මල්ලව ආරච්චි , තාරක මල්ලවආරච්චි,  උරේෂා රවිහාරි සමඟින් සමිතා මුදුන්කොටුව  එක්වී සිටි. ප්‍රේමයෙන් පරාජිතව  විරහ වේදනාවෙන් දැවී තැවුනු, බිඳුනු හදවත් සිසිලසින් නිවාලන එදා රෑ ධම්මික සල්වතුරගේ කතාවකට අනුව සුනෙත් මාලිංග ලොකුහේවා සමගින් ප්‍රියනාත් විදානපතිරණ එක්ව තිර රචනය නිර්මාණය කර ඇත.

මෙහි, චන්න දේශප්‍රිය කැමරාකරණයෙන්,  සංස්කරණයෙන් හා වර්ණ සංයෝජනයෙන් ශාන් අල්විස් ,ශබ්ද පරිපාලනයෙන් සශින් ගිම්හාන්, ගීත සහ පසුබිම් සංගීත අධ්‍යක්‍ෂණයෙන් සුරේෂ් මාලියද්ද , සහය අධ්‍යක්‍ෂණයෙන් තරිඳු ආරච්චිගේ,කලා අධ්‍යක්ෂණයෙන් අකුරම්බොඩ පියතිස්ස, අංග රචනයෙන් බුවනෙක රණවක ,කොණ්ඩා සැකසුමෙන් මයංගා බණ්ඩාරගේ,රේඛීය නිෂ්පාදනය සහ නිෂ්පාදන කළමනාකරණයෙන් තරිඳු දිල්හාර, නර්තන වින්‍යාසයෙන් සංඛ අබේසිංහ  එක්වී ඇති එදා රෑ රංගනයෙන් රොෂාන් රවින්ද්‍ර,   නෙත්මි රොෂෙල් සෙනාලි ෆොන්සේකා, ශේසාද්‍රි ප්‍රියසාද්, විශ්ව කොඩිකාර, කළන ගුණසේකර, දිනෙත් ද සිල්වා,  නයෝමි පෙරේරා, ෆර්ණි රෝෂණි, ජෙහාන් අප්පුහාමි , උදිත් අබේරත්න,මයුර කාංචන පෙරේරා, මිලින්ද මඩුගල්ල, ඉෂාන් මෙන්ඩිස්, නිහාරි පෙරේරා, සාරංග දිසාසේකර, රොෂාන් රණවන, ජනිත් වික්‍රමගේ, පියුමාලි එදිරිසිංහ, සප්නා පාදුක්ක , හිමාලි සිරිවර්ධන ඇතුළු  ප්‍රධාන රංගන ශිල්පීන් හැටකට අධික පිරිසක් රංගනයෙන් දායකව ඇත.  ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු, රනිල් මල්ලවආරච්චි සහ  නිරාශා මල්ලවආරච්චි සම නිෂ්පාදනයෙන් දායක වූ එදා රෑ චිත්‍රපටිය චමක මංජුලගේ නිෂ්පාදනයක් ලෙසින් තිරයට එක්වෙයි.මෙය වන් ලයින් ප්‍රඩක්ෂන් සහ එන්ටර්ටේයින්මන්ට් ඉදිරිපත් කිරීමකී.

ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

‎කලා චිකිත්සක වැඩමුලුව 2026 Read Previous

‎කලා චිකිත්සක වැඩමුලුව 2026

හිසකෙස් ගැලවීම අඩු කරන වට්ටක්කා Read Next

හිසකෙස් ගැලවීම අඩු කරන වට්ටක්කා

Realted Post

Leave a comment