මහියංගන ශ්‍රී සුමන සමන් මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය

ඓතිහාසික මහියංගන ශ්‍රී මහා සුමන සමන් දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර (2026)  මංගල්‍ය⁣ය සැප්තැම්බර් මස 13 ආරම්භ කරමින් දේවාල අභ්‍යන්තර පෙරහැර  සැප්.16  දක්වා පැවැත්වෙයි. 

සැප්තැම්බර් මස 17 ප්‍රථම කුඹල් පෙරහැර ආරම්භ වී සැප්තැම්බර් මස 21තෙක්  කුඹල් පෙරහැර වීථී සංචාරය  කෙරෙයි. සැප්තැම්බර්  මස 22 රාත්‍රී පළමු රන්දෝලි  පෙරහැර  ආරම්භ වී  සැප්තැම්බර් 26 දක්වා  රන්දෝලි  පෙරහැර වීථී සංචාරය කෙරෙයි.

සැප්තැම්බර් මස 27වන දින මහවැළිංතොටේදී  දිය කැපීමේ මංගල්‍යය පවත්වා එදින දහවල් පෙරහැර වීථී සංචාරය  කොට මහියංගන  ශ්‍රී සුමන සමන් මහා දේවාලයේ පෙරහැර මංගල්‍ය නිමාවට පත්වන බව,මහියංගන  සුමන සමන් මහා දේවාලයේ බස්නායක නිළමේ නීතීඥ ගයන්  හීන්කෙන්ද  මහතා  පැවසීය.

ජේ.ඒ.එල්. ජයසිංහ

ඓතිහාසික අම්බොක්ක ශ්‍රී පත්තිනි මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර Read Previous

ඓතිහාසික අම්බොක්ක ශ්‍රී පත්තිනි මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර

මහනුවර දළදා පෙරහැර අවසානයේ වස් දොස් දුරු කිරීමේ මංගල්‍ය Read Next

මහනුවර දළදා පෙරහැර අවසානයේ වස් දොස් දුරු කිරීමේ මංගල්‍ය

Realted Post

Leave a comment