ඔබගේ ග්‍රාහකයා වෙනත් ඇමතුමක් හා සම්බන්ධ වී සිටියි

කාන්තාව යනු , පාවිච්චි කිරීම සඳහා පමණක්ම නිපදවූ භාණ්ඩයක්ද යනු පැනයකි.  නිරන්තරයෙන්ම හිමිවන තාඩන පීඩන හිත් රිදීම් වද බන්ධන තුළ සදාකාලිකවම පුරුෂාධිපත්‍යයට ඇය නතුවී සිටිය යුතුමද?  

අලුතෙන් කරළියට එන වයිෆ් චිතපටය ගැනයි අද කතාව. 

මෙම කතාවේදී ප්‍රේක්ෂකයාට හමුවන මාධව සහ නිර්මලා තරුණ විවාහක යුවළක් වන අතර,  නාගරික හා ආර්ථික ජීවන අරගලයන් මැද මහල් නිවාස සංකීර්ණයක කුලී පදනම මත වූ නිවසක ජීවත්වේ.  

මාධවගේ ප්‍රධාන රැකියාවට අමතරව , වෙනත් ආදායම් මාර්ග උපයාගැනීමේ උත්සාහයේදී, ඔහුව විවිධ ආකාරයේ සමාජ  සම්බන්ධකම් වෙත  යොමු කරවයි.  ඒ නිසාම මාධව හා නිර්මලා එතෙක් ගෙවූ කෙළිලොල් සුන්දර විවාහ ජීවිතය අවුල් සහගත තත්ත්වයකට පත්වෙයි. 

තම ලෙයින් උපන් දරුවකු පිළිබඳව දෙදෙනා තුළ ගොඩනැගුණු නොනිත් ආශාව හා 
බලාපොරොත්තු අතරේ,  මාධවගේ අතුරු සබඳතාවයන් ඔවුන්ගේ ජීවිතය නොසිතූ නොපැතූ ඉරණමකට නතු කරයි.  ඔවුන් දෙදෙනාගේ ඉරණම් ගමනේ සරදම් කතාවයි “ වයිෆ් ”.

අධ්‍යක්ෂ ශමීර නාඔටුන්න මහතා පිළිබඳව සටහනක් මෙලෙස සඳහන් කළ හැකියි. 

“ වයිෆ් ” අධ්‍යක්ෂවරයාගේ තෙවන සිනමා නිර්මාණයයි.  ඔහු විසින් මෙයට ප්‍රථම “මෝටර් බයිසිකල්”( 2016) හා “ සිහින නෙළුම් මල් ”(2024) යන සිනමා නිර්මාණ තුළින් ප්‍රේක්ෂකයා අතරට පිවිසි අයෙකි. 

වර්තමානයේ වෘත්තිය නිර්මාණකරුවකු ලෙස කටයුතු කරන ශමීර  නාඔටුන්න, වෙළඳ දැන්වීම් නිර්මාණකරුවෙකු,  ගීත රූප රචනා ,  කෙටි  හා වාර්තා චිත්‍රපට නිර්මාණකරණයේ ද ප්‍රවීණයකු වන අතර, තිර පිටපත් රචකයකු මෙන්ම ගීත ප්‍රබන්ධකයකු ද වෙයි. යොවුන් වියේ සිටම සිනමාව හා බැඳුණු ඔහු ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරුන් රැසක් යටතේ සහාය අධ්‍යක්ෂවරයකු වශයෙන් කටයුතු කරමින් ලද ආභාෂය හා පන්නරය තුළින් චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසී ඇත.
  
ඔහුගේ ප්‍රථම නිර්මාණය වූ  “ මෝටර් බයිසිකල් ” දේශීය හා අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලයන් රැසක් නියෝජනය කර ඇති අතර, එය සාක් ජාත්‍යන්තර සම්මාන උළෙලේදී දකුණු ආසියාවේ හොඳම චිත්‍රපටය ලෙසින් සම්මානයට පාත්‍ර විය. එසේම, 34 වන සරසවිය සම්මාන  උළෙලේ හොඳම චිත්‍රපටය, හොඳම තිර රචනය, හොඳම නළුවා, හොඳම සංස්කරණය, හොඳම සංගීත අධ්‍යක්ෂණය, හොඳම ගීත රචනය සහ හොඳම ගායකයා යන සම්මානයන් දිනා ගැනීමට ද “ මෝටර් බයිසිකල් ” සමත් වූ අතර, 10 වන දෙරණ සිනමා සම්මාන උළෙළේ දී හොඳම නළුවාට  සහ හොඳම නැගී එන නිළිය  සම්මානයත් , සරසවිය 36 වන සම්මාන උළෙළේ දී හොඳම සහය නළියට හිමි සම්මානයත් දිනාගැනීමට “ සිහින නෙළුම් මල් ” චිත්‍රපටයට හැකිවිය. 

නිෂ්පාදක වරුණ අරඹගේ මහතා  පිළිබඳව සටහනක් 

“ වයිෆ් ” ඔහුගේ දෙවන චිත්‍රපට නිෂ්පාදනයයි. පළමු නිෂ්පාදනය වූ “ සිහින නෙළුම් මල් ” 2024 වසරේදී තිරගත විය. 

කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා මොරටුව විශ්ව විද්‍යාලයෙන් ඉංජිනේරු උපාධිය ලද වරලත්  ගණකාධිකාරිවරයකු වන ඔහු, මහ බි්‍රතාන්‍යයේ සරේ විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳව  පශ්චාත් උපාධිධාරියකු වන අතර, මහ බි්‍රතාන්‍යයේ ප්‍රකට ආයතනයක මූල්‍ය කළමනාකරුවෙකු හා මූල්‍ය අධ්‍යක්ෂවරයකු ලෙස  වසර දහයක සේවා කාලයක් සම්පූර්ණ කරන ලද අත්දැකීම් බහුල  පරිපාලන නිලධාරියකුද වෙයි. මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු  වන වරුණ අරඹගේ මහතා, ස්ටෑඩට් ඉන්ඩස්ටි්‍ර ප්‍රයිවට් ලිමිටඩ්, ස්ටෑඩට් කැපිටල් පී.එල්.සී. හා සිනලි මීඩියා පෞද්ගලික සමාගමේ  සභාපතිවරයා වන අතර, පුද්ගලික සමාගම් කිහිපයකම අධ්‍යක්ෂ  ධූරයද ඔහු විසින් හොබවනු ලබයි.

සටහන - කසුනි විජේසිංහ 

ටී.ආර්.ආර්. රාජන් කන්ද උඩරට දූරදර්ශී නායකත්වය Read Previous

ටී.ආර්.ආර්. රාජන් කන්ද උඩරට දූරදර්ශී නායකත්වය

පාර්ලිමේන්තු මන්ත්‍රී  නාමල් මහතා විහාර රැසක නාහිමියන් බැහැදකී Read Next

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් මහතා විහාර රැසක නාහිමියන් බැහැදකී

Realted Post

Leave a comment