සත්තුන්ගේ බුද්ධිය ගැන ලෝකයම දරපු මතය වෙනස් කරපු අපූරු ගිරවෙක් තමයි ’’ඇලෙක්ස්’’

අවුරුදු 30කට වඩා වැඩි කාලයක් ආචාර්ය අයිරින් පෙපර්බර්ග් එක්ක කරපු පර්යේෂණවලින් ඇලෙක්ස් පෙන්නලා දුන්නේ සත්තුන්ටත් අපි වගේම හිතන්න, තේරුම් ගන්න වගේම ආදරය කරන්න පුළුවන් කියලා. 

ඇලෙක්ස් කියන්නේ නිකන්ම වචන අනුකරණය කරපු ගිරවෙක් නෙවෙයි.

එයාට වචන 100කට වඩා තේරුම් සහිතව කතා කරන්න පුළුවන්කම තිබුණා. 

පාටවල්, හැඩතල, වස්තූන් 50කට වඩා අඳුරගන්න වගේම හය වෙනකම් ගණන් කරන්නත් එයාට පුළුවන් වුණා.

ඇලෙක්ස්ගේ ජීවිතයේ හැඟීම්බරම මොහොත වුණේ එයාගේ සමුගැනීමයි. 

මියයන්න කලින් එයා එයාගේ පාලිකාවට කියපු අන්තිම වචන ටික තමයි. 

"හොඳින් ඉන්න. මම ඔයාට ආදරෙයි. හෙට හම්බවෙමු" කියන එක. 

මේ වචන ටික අදටත් ලෝකය පුරා සත්ව ලෝලීන්ගේ හදවත් සලිත කරන එකක්. 

සත්තු කියන්නේ නිකන්ම අපිට පේන ජීවීන් පිරිසක් විතරක් නෙවෙයි.

ඔවුන්ටත් අපි වගේම ගැඹුරු හැඟීම් සහ බුද්ධියක් තියෙනවා කියලා ඇලෙක්ස් මුළු ලෝකෙටම ඔප්පු කරලා පෙන්නුවා. 

සටහන - කසුනි විජේසිංහ 

Janashakthi Financeහි ප්‍රධාන මූල්‍ය නිලධාරිනි පුටුව ඉවෝන් බ්‍රෝහියර් Read Previous

Janashakthi Financeහි ප්‍රධාන මූල්‍ය නිලධාරිනි පුටුව ඉවෝන් බ්‍රෝහියර්

ලංකාව නියෝජනය කරමින් අංජලී IPR International  ලේකම් ධුරයට Read Next

ලංකාව නියෝජනය කරමින් අංජලී IPR International ලේකම් ධුරයට

Realted Post

Leave a comment